පිළිකා ඖෂධ 43ක් ලබන මස මෙරටට

 

හිඟව පවතින පිළිකා නාශක ඖෂධ 43 ක් ලබන මාසයේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය ආධාර හා ලෝක බැංකු අධාර අධාර යටතේ එම ඖෂධ මෙරටට ලැබෙන බවය.

හිඟ ඖෂධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වූ බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මෙම ඖෂධ ලැබෙන තෙක් මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ පිළිකා රෝග ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට උපරිම කළමනාකරණයකින් යුතුව ඖෂධ ලබා දීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

 

(newsfirst)

Social Sharing
නවතම