කෞෂල්‍ය නිතරගයෙන් නීතිඥ සංගමයේ සභාපති ධූරයට.

නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා නිතරගයෙන් නීතිඥ සංගමයේ සභාපතිධූරයට පත් වී තිබේ.

2023/24 සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා තෝරා පත් කර ගැනීම සදහා නිලවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද දින සංගම් කාර්යාලයේදී සිදු වුනු අතර එහිදී සභාපතිධූරය සදහා නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාද ලේකම් ධූරය සදහා ඉසුරු බාලපටබැදි මහතාද නාමයෝජනා භාර දුන් අතර කිසිදු වෙනත් අපේක්ෂකයකු නාමයෝජනා ඉදිරිපත් කර නැත.

ඒ අනුව ඉදිරි වර්ෂය සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා සහ ලේකම්වරයා ලෙස ඉසුරු බාලපටබැදි මහතා නිතරගයෙන් තේරී පත් වී ඇත. මෙහි නිල ප්‍රථිඵලය ප්‍රකාශයට පත් කිරීම හෙට දින සිදු වීමට නියමිත අතර එළඹෙන මාර්තු මස 25 වන දින පැවැත්වෙන නිල උත්සවයෙන් පසු කෞෂල්‍ය නවරත්න මහතා සභාපතිධූරයේ රාජකාරී ආරම්භ කරනු ඇත. වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ නිල කාලය එදින අවසන් වීමට නියමිතය.

මීට පෙර මෙම සභාපතිධූරය සදහා ජනාධීපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කර තිබුණද ඔහු ඒ සදහා ඉදිරිපත් වීමේ අදහස පසුව අත්හරින ලදී.

Social Sharing
නවතම