ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්

ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම වී ඇති බවයි.

හිස ආවරණය කර නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ මාසා අමීනි පසුගිය සැප්තැම්බර් මාසයේදී පොලිස් අත්අඩංගුවේදී මියගියා ය.

ඒ සමග ඇරඹි විරෝධතා පසුව රට පුරා පැතිරී ගිය අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 300ක් පමණ විරෝධතා හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති බවයි.

ඉරාන රජය පසුගියදා විරෝධතාකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවමද ක්‍රියාත්මක කළේ ය.

(newsfirst)

Social Sharing
නවතම විදෙස්