ළමුන් අතර ශ්වසන රෝග වැඩිවීමක් – සෞඛ්‍ය අංශ

විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළේ, මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝග ගණනාවක් හේතුවෙන් ළමුන් රෝගී වන බවයි.

රෝග වැළඳුන ළමුන් පාසල් හා පෙරපාසල් යැවීමෙන් වළකින ලෙස ද ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ළමුන්ට නිතර වැළඳීම සාමාන්‍ය තත්ත්වයක් බව ද විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පෙන්වා දෙයි.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට වායු ගෝලයේ ගුණාත්මක තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බවයි.

Social Sharing
නවතම