පසුගිය දින කිහිපය තුළ පාසල් ගුරුවරියන් සාරිය ප්‍රතික්ෂේප කරමින් වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණි අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාරිය අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.
මේ අතර නිව්ස් 19 වෙබ් අඩවිය වාර්තා කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා මෙම නව චක්‍රලේඛය නිකුත් කළ බව ප්‍රකාශ කළ බවයි.