ඊයේ(07) රාත්රීයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ , කන්දකාඩු පුනරුත්ථාපනකඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි.
ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.
තුවාල ලැබූ රැඳවියන් වැලිකන්ද රෝහලටත් වැඩිදුර ප්රතිකාර සඳහා පොලොන්නරුව රෝහලටත් ඇතුළත් කර තිබේ.