ගෘහ සේවිකාවන් 5ක් සෞදියේ ගොඩනැලිල්ලක සිරකර ඇතැයි අනාවරණයක්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 5 දෙනෙකු වද හිංසාවට ලක්කරමින් සෞදියේ සකාක්හි ගොඩනැගිල්ලක සිරකර සිටින බව නිව්ස්ෆස්ට් වෙත වාර්තා විය.

එලෙස සිරකර සිටින්නේ , කුරුණෑගල පෞද්ගලික ඒජන්සියක් මාර්ගයෙන් ගෘහ සේවිකාවන් ලෙස සෞදියේ රැකියා සඳහා ගිය කාන්තාවන් පස් දෙනෙකි.
අදාළ ස්ථානයේ සිට නිදහස් වී දිවයිනට පැමිණි ඇහැලියගොඩ කාන්තාවකගෙන් එම තොරතුරු අනාවරණ විය.

දිවයිනට පැමිණීමෙන් පසුව නිර්මා ධර්මසේන පැවසුවේ, කුරුණෑගල පෞද්ගලික ඒජන්සියේ සෞදියේ පිහිටි ගොඩනැගිල්ලක දැනට සිරකර සිටින කාන්තාවන් දැඩි වද හිංසාවට ලක්වන අතරම ඔවුන්ට නිසි පරිදි ආහාර පවා නොලැබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

(නිව්ස්ෆර්ස්ට්)

Social Sharing
නවතම