මහජන මුදලින් රජපවුල් නඩත්තු කිරීම!!!

– මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි –

බ්‍රිතාන්‍ය රජපවුල් මහජන අරමුදල්වලින් නඩත්තු කිරීමට රැඩිකල් වාමාංශික පිරිස් විරුද්ධය. රජ පවුල මහජන අරමුදල්වලින් නඩත්තු කිරීම ගැන මගේ විශේෂ කැමැත්තක් නැතත් මේ වාමාංශික විරෝධයට නම් මම විරුද්ධ වෙමි. ඊට හේතුව බ්‍රිතාන්‍ය කරන්නේ ඉතාම ප්‍රායෝගික දෙයක් නිසාය.

නූතන ශිෂ්ටාචාරය ඉතා කෙටි එකකි. දේශපාලන මනුෂ්‍යයා වැඩි කාලයක් ජීවත් වී ඇත්තේ රාජත්වය හෝ ඊට සමාන අධිකාරී ව්‍යූහ යටතේය. ඊට පදනම් වන දෙවියන් වහන්සේ වැනි විශ්වවේදීමය (cosmological) ව්‍යුහ ඊටත් වඩා පැරණිය. සාමූහික මනුෂ්‍යා තුළ ප්‍රජාතන්ත්‍රීය නැඹුරුවක් පවතින්නාක් මෙන්ම පුද්ගල මනුෂ්‍යා තුළ දිව්‍යමය භාවයක් සහිත රාජත්වය කෙරේ වූ නැඹුරුවක්ද ඇත්තේය. (ලංකාවේ මහරාජ‍ෙණනි දෘෂ්ටිවාදය ලංකාවට පමණක් සීමා වූවක් නොවේ).

ඒ නිසා මේ නැඹුරුව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යටපත් කර දැමීම නුවණට හුරු නැත. බ්‍රිතාන්‍ය මේ සඳහා හොඳ ක්‍රමයක් සොයාගෙන ඇත්තේ ඒ නිසාය. සාමූහික මනුෂ්‍යා සඳහා ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුක්‍රමය ඇත. පුද්ගල මනුෂ්‍යයාගේ දිව්‍යමය-රාජත්ව ආශාව සඳහා රජ පවුල ඇත. ජනයා ඒ සඳහා මිලක් ගෙවයි. ඒ මිල තමා වෙනුවෙන්මයි. සෝවියට් දේශය පවා ලෙනින්ගේ එම්බාම් කළ මළකඳ තියාගත්තේ මේ නිසාය.

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග