මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථාදායක  සභාව වෙත භාර දී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශ වාර්තා කරයි.

පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේද මේ බව සදහන් කර ඇත.

ඇයගේ ඉල්ලා අස්වීම බල පැවැත්වෙන්නේ සැප්තැම්බර මාසයේ සිට බවත් සදහන්. ව්‍යවස්ථාදායක සභාව ඇය විසින් සිදු කරන ලද සේවයද අගය කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියදී ආචාර්ය දීපිකා උඩගම මෙම තනතුරට වර්ෂ 2015දී පත් කරන ලදී.

Social Sharing
නවතම