එන්න මත් වෙන්න….!!

වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ… විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ මැවෙන්නේ… මේ සිංදුව අහල නැත්තෙ කවුද.?
අරක්කු.. කසිප්පු තරම් බැණුම් අහපු කෑමක් හෝ බීමක් ලංකාවෙ නැති වුනත් රා කියන්නෙ ටිකක් බීවට කමක් නැති බීමක්.

මත්පැන් සමහර ආගම් වලට අනුව අනුමත කරන්නෙ නෑ… තවත් ආගම් සම්ප්‍රදායිකව මත්පැන් පානය කරනව.

නීති රීති දාල වුනත්.. ආගම් වලින් තහණම් කරල වුනත් කිසිම දවසක අමතක කරවන්න පුළුවන් දෙයක් නෙවෙයි මත්පැන් කියන්නෙ.

මනුශ්‍ය ශිෂ්ඨාචාර ගොඩ නැගෙන්න.. ආගම් හා සංස්කෘති නිර්මානය වෙන්න කලින් ඉඳලම මේ බීම වර්ග මිනිසා අතර ප්‍රසිද්ධයි.

ක්‍රිස්තු පූර්ව 7000 දි පමන උතුරු චීනයේ නියෝලිතික් යුගයේ ගම්මානයක් වූ ජියාහු ( Giyahu) හිදී පලමු ආසවනය ( Distiled) කරන ලද මත්පැන් නිෂ්පාදනය කරපු බවට සාක්ශි තියනව.
ඊට අමතරව මල මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල දැනට අවුරුදු 13000 කට පමන කලින් බීර වලට සමාන මත්පැන් නිෂ්පාදනය කරනව.
දැනට ආමේනියාව හා ජෝර්ජියාව තියන ප්‍රදේශ වල ක්‍රිස්තු පූර්ව 6000 දී පමන ලෝකයේ පලමු වයින් නිෂ්පාදනය කරනව.

මොනවද ලෝකයේ තියෙන ප්‍රධානතම මත්පැන් වර්ග.
තේරුම් ගැනීමේ පහසුවට වයින් හා බියර් දැනට පොඩ්ඩක් පැත්තකින් තියමු. ( බීම වර්ගයේ ඇල්කොහොල් ප්‍රථිශතය අනුව බීර හා වයින් සැර බීම විදිහට සලකන්නෙ නෑ)

1. වොඩ්කා. ( Vodka)
(මෝල්ට්.. රායි වගේ ධාන්‍ය මිශ්‍රණයක් බඩ ඉරිඟු පියලි.. යීස්ට් හොඳ තත්වයේ වතුර එක්ක නිෂ්පාදනය කරන බීමක්)
පින්ලන්තය.. රුසියාව.. නෝර්වේ.. ස්වීඩනය.

2.ටෙකිලා ( Tequila)
කැක්ටස් වර්ගයක් වූ අගාව් කොල සාරයෙන් නිෂ්පාදනය කරන බීමක්.
මෙක්සිකෝව

3.ජින් ( Gin )
ජුනිපර් කියන බෙරි වර්ගයේ යුශ මෝල්ට් ..බාර්ලි.. වගේ ධාන්‍ය සමග මිශ්‍ර කරල හදන බීම වර්ගයක්.
නෙදර්ලන්තය.. බ්‍රිතාන්‍ය.. එක්සත් ජනපදය.

4.රම් ( Rhum )
රම් නිෂ්පාදනයට මූලික වෙන්නෙ උක් දඬු සාරය. සමහර රටවල පොල් හා තල් වලින් නිපදවන පැනි රස යුශ රම් නිෂ්පාදනයට පාවිච්චි කරනව.
කියුබාව.. බහමාස්.. ග්වාඩලූප්.. බාර්බඩෝස්

5.විස්කි. ( Whiskey). ( Single Malt , Double Malt or Blended)
මෝල්ට් .. බාර්ලි..රායි වගේ ධාන්‍ය මගින් නිපදවන සාරය ඕක් පීප්ප තුල කල් ගත වෙන්න ඉඩ දීල විස්කි නිපදවන්නෙ .
ස්කොට්ලන්තය… ජපානය.. අයර්ලන්තය.. බ්‍රිතාන්‍යය.
Macallan, Ardberg, Talisker, laphroig වගේ විස්කි වර්ග රස අතින් ඉහලයි.

6. බ්‍රැන්ඩි ( Brandy)
පැනි රසැති පලතුරු යුශ තමයි බ්‍රැන්ඩි හදන්න පාවිච්චි කරන්නෙ.
මිදි.. පෙයාර්ස්.. ඇපල් මේ අතරින් ප්‍රධානයි.
ප්‍රංශය.. එක්සත් ජනපදය.

ඊලඟට ඕනෙම කෙනෙක් අහන ප්‍රශ්ණය තමයි කෝ එතකොට අරක්කු..?
අරක්කු කියන්නෙ රම් වර්ගයක්.
අරක්කු කියන වචනය ලංකාවට ලැබෙන්නෙ අරාබි සංස්කෘතියෙන්. ඇරෑක් ( Arrack ) විදිහට ඉංග්‍රීසියෙන් ශබ්ද වුනාට අරක් (عرق, ʿaraq), කියන්නෙ අරාබි බසින් “ආසවනය කිරීම.”

මේ බීම වර්ග හඳුන්වන්නෙ ස්පිරිට් ( Spirits ) විදිහට.

අනිත් ප්‍රශ්ණය තමයි මොනවත් එක්ක මිශ්‍ර කරලද මේ බීම වඩාත් සුදුසු.
උදාහරණයක් විදිහට ඕල්ඩ් අරක්කු වලට කොකා කෝලා.. පෙප්සි .. සෝඩා වගේ බීමක් අයිස් කැට එක්ක මිශ්‍ර කරල බොන එක තමයි ලංකාවෙ වඩාත් ප්‍රසිද්ධ.

නමුත් මේක තීරණය වෙන්නෙ කලින් සඳහන් කරපු බීම වර්ග වල වටිනාකම .. රස.. මිළ හා පිලිගැනීම මත.

මේ කිසිම බීමක් වෙනත් බීමක් එක්ක මිශ්‍ර කරන්නෙ නැහැ.
ලංකාවෙ භාශාවෙන් කියන්නෙ නීට් ගහනව කියල.

ඇයි ස්පිරිට් වෙනත් බීම එක මිශ්‍ර නොකරන්නෙ. ?
හේතුව මේ බීම වල නියම රසය විඳින්න නම්.. ඒ බීම වර්ගයේ ආශ්වාදය විඳින්න නම් කිසිවක් සමග මිශ්‍ර නොකල යුතුයි.
නමුත් එක සමාවක් දෙන්න පුළුවන් අයිස් කැටවලට.
රසය මදක් අඩුවුනත් අයිස් කැටයක් උඩට වක්කරන ස්පිරිට් සාධාරණී කරනය කරන්න පුළුවන්.

දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මොන රහක්ද.. උගුර කට පුච්චගෙන යනව කියල. මිළ අධික උසස් තත්වයේ ස්පිරිට් වල මෙන්න මේ පිච්චීගෙන යාම තුල තමයි සැබෑ රසය විඳින්න පුළුවන් වෙන්නෙ.
උදාහරණයක් විදිහට ආර්ඩ්බර්ග් විස්කි දුම් රසයි.. මේ දුම් රසය එන්නෙ විස්කි උගුරෙන් පහලට ගිහින් තත්පර කීපයකට පස්සෙ.

පිච්චෙනව නම් කොහෙද ඒකෙ රසක් කියන ප්‍රශ්ණයට හොඳම උත්තරය තමයි කොච්චි සම්බෝල.

විස්කි.
තවමත් ලෝකයේ හොඳම විස්කි නිපදවන්නෙ ස්කොට්ලන්තය.
ඇමරිකානුවන් තමයි මුලින්ම විස්කි සඳහා අයිස් එකතු කරන්න පුරුදු වුනේ.
ඉංග්‍රීසි හා ස්කොට්ලන්ත මිත්‍රයන් කියන විදිහට ඇමරිකානුවන් විස්කි ගැන දන්න දෙයක් නෑ.
අයිස් කැටයක් එකතු කරන එකට වුනත් බොහෝ ස්කොට්ලන්ත.. ඉංග්‍රීසි ජාතිකයන් විරුද්ධයි.
විස්කි බෝතලය ශීතකරණයේ තියන්නෙ නෑ නියම රසය විඳිය යුතු නිසා.
මේකට තියන විසඳුම තමයි අයිස් කැට හැඩයට නිර්මාණය කල ගල් කැට.
මේ ගල් කැට අධි ශීතකරනයේ ගබඩා කරල විස්කි වීදුරුවට වක් කරන වෙලාවට වීදුරුව ඇතුලට දානව.

ඉස්තරම් විස්කි පානය කරන සම්ප්‍රදායන් තියනව. මේ ක්‍රම ඇත්තෙන්ම විස්කි රසය ඉතාම නිවැරදි විදිහට විඳින්න උදව් වෙනව.
ලෝකයේ හොඳම විස්කි නිෂ්පාදනය කරන්නෙ ස්කොට්ලන්තය වුනත් ජපන් විස්කි ඉතාම ඉහලයි. ඒ අය බොහොම වේගයෙන් ස්කොච් විස්කි ආක්‍රමණය කරමින් ඉන්නව. වුරුදු සිය ගාණක් පරන ඕක් බැරල් එකක පදම් කරපු විස්කි වීදුරුවක රස හැමෝම හඳුනන්නෙ නෑ.
ස්කොට්ලන්තයේ සංචාරයකට ගියොත් කවද හරි දවස් දෙකක විස්කි සංචාරයකට යන්න අමතක කරන්න එපා.
විස්කි සින්ගල් මෝල්ට් .. ඩබල් මෝල්ට් සහ බ්ලෙන්ඩඩ් විදිහට වර්ග කරන්න පුළුවන්. ඒක වෙනම කතා කල යුතු මාතෘකාවක්.

වොඩ්කා.
වොඩ්කා වැඩියෙන්ම ප්‍රසිද්ධ රුසියානුවන් අතර.
මේ අය හිමේ හංගල තියන වොඩ්කා බෝතලය කටේ තියාගෙන බොන්න බොහොම කැමතියි.

ටෙකිලා.
ටෙකිලා වඩාත්ම ප්‍රසිද්ධ මධ්‍යම හා දකුණු ඇමරිකානුවන් අතරෙයි.
කැක්ටස් වැඩියෙන්ම වැවෙන මෙක්සිකෝව තමයි ටෙකිලා වලට වඩාත්ම ප්‍රසිද්ධ.
ටෙකිලා රසය බලන්න නම් ටෙකිලා වීදුරුවත් එක්ක ලුණු ස්වල්පයක් ( තේ හැන්දෙන් බාගයක් විතර) අල්ලට ගන්න ඕනෙ.
බීම උගුරෙන් පහලට යනවත් එක්කම ලුණු ටික කටට හලා ගැනීමෙන් තමයි ටිකිලා රසය වඩාත් හොඳින් විඳින්න පුළුවන්.

ජින්.
ඩ්‍රයි ජින් කියන්නෙ කිසිම විශේෂ රසයක් එකතු නොකරන ලද ජින්.
ඊට අමතරව ලෙමන් ජින්.. ඔරේන්ජ් ජින්.. බෙරී ජින් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධයි.

රම්
රම් නිපදවන්නෙ පැනි රසැති ‍යුශ… උක් දඬු යුශ.. පොල්.. කිතුල් හෝ පාම් (රට ඉඳි ) යුශ තමයි රම් නිශ්පාදනයට පාවිච්චි කරන්නෙ.
සුදු රම් හා දුඹුරු රම් ( දුඹුරු අරක්කු හා සුදු අරක්කු ) ප්‍රධාන වර්ග දෙකක් දකින්න පුළුවන්.

බ්‍රැන්ඩි.
මිදි යුශ උපයෝගී කරගෙන හදන බ්‍රැන්ඩි ලෝකය පුරාම ප්‍රසිද්ධයි .. විශේෂයෙන්ම ප්‍රංශ කොඥැක් තමයි ලෝකයම පිලිගත් බ්‍රැන්ඩි වර්ගය.

ඊ ලඟට මේ බීම වර්ග වර්ග කරන්න පුළුවන් පාවිච්චි කරන වෙලාව අනුව.
ජින්.. වොඩ්කා හා ටෙකිලා කියන බීම වර්ග තුන පාවිච්චි කරන්නෙ කෑමට කලින්.
ඇපරටිෆ් ( Aperetif) විදිහට හඳුන්වන මේ බීම මගින් කෑම රුචිය ඇති කරනව වගේම
කෑම වේලකට අවශ්‍ය මිත්‍රශීලී වට පිටාව නිර්මාණය කරන බව කියනව.

විස්කි.. බ්‍රැන්ඩි හා රම් කෑමෙන් පස්සෙ ගන්න බීම වර්ග.
මේ බීම අපි හඳුන්වන්නෙ ඩයිජෙස්ටිෆ් ස්පිරිට් ( Digestif Spirits) විදිහට.

දැන් තමයි ලොකුම ගැටළුව එන්නෙ.
එහෙම කොහොමද නීට් බොන්නෙ.. යාළුවොත් එක්ක සෙට් වෙන්න නම් ඔහොම හරි යන්නෙ නෑ.

අරක්කු වලට සෝඩ ටිකක් නැතුව බෑ.. අනික බයිට් නැතුව කොහොමද බොන්නෙ.?

කලින් අපි කතා කරපු බීම වර්ග වලට සෝඩා.. කෝලා.. දොඩම් යුශ හෝ ඕනෙම දෙයක් එකතු කරන්න පුළුවන්.
එතකොට ඒක තව දුරටත් ස්පිරිට් එකක් වෙන්නෙ නෑ.
ඒකට අපි කියනව කොක්ටේල් කියල ( Cocktails) . කෙනෙක්ට කියන්න පුළුවන් කොක්ටේල් කියන්නෙ බීම වර්ග තුන හතරක් එකතු කරපු පැනි රස බීමක් කියල.
ඕනෙම බීම වර්ග දෙකක් එකතු කලාම ඒක කොක්ටේල් එකක් වෙනව.

සංකීර්ණ කොක්ටේල් පැත්තකින් තියල මොන බීම වර්ගද මිශ්‍ර කරන්න සුදුසු කියල පොඩ්ඩක් බලමු.

වොඩ්කා- අයිස් කැට කීපයක් එක්ක දොඩම් හෝ ලෙමන් යුශ.
වොඩ්කා ඔරේන්ජ් කියන්නෙ ප්‍රසිද්ධ කොක්ටේල් එකක්.
සීතල කාලගුණයට කියාපු බීමක්.

ජින්. අයිස් කැට කීපයක්.. ඉන්දියන් ටොනික් හා දෙහි පෙත්තක්.
උණුසුම් කාලගුණයට.. සීගිරිය පොලොන්නරුව පැත්තෙ වැව් වලින් එන හුලඟත් එක්ක ජින් ටොනික් හරි අපූරු අත්දැකීමක්.

ටෙකිලා.
දොඩම් යුශ හෝ දෙළුම් යුශ එක්ක ටෙකිලා බොහෝම රසයි අයිස් කැට කීපයක් එකතු කරොත්.
කැක්ටස් පඳුරු.. කාන්තාර කඳු… උනුසුම් හුලඟ තමයි ටෙකිලා රස මතක් කරන්නෙ.

රම්.
රම් වලට ගැලපෙන්නෙ කෝලා.
කොකා කෝලා හෝ පෙප්සි අයිස් කැට කීපයක් එක්ක රම් බොහොම අපූරුයි. සමහරු දෙහි පෙත්තක් එකතු කරනව. කුරුඳු පොත්තක් දල්වල රම් වීදුරුව ඇතුලට එකතු කිරීමෙන් සුවඳත් රසයත් වැඩිවෙනව.
මුහුදු හුලඟ.. පොල් රුප්පාවල්… වෙරළ තමයි ටිකිලා එක්ක එකතු වෙන්නෙ.

විස්කි.
විස්කි වලටත් හරි යන්නෙ කෝලා, නමුත් අයිස් එක්ක වඩාත් හොඳයි.

බ්‍රැන්ඩි වර්ගය අනුව ජින්ජර් ඒල් හෝ පලතුරු යුශ අයිස් එක්ක මිශ්‍ර කරන්න පුලුවන්.

ඔය මොනව කීවත් අපේ කට්ටියට බයිට් නැතුව බැහැ.
එතනදි කරන්නෙ හිස් ආමාශය පිරවීමෙන් ඇල්කොහොල් වලින් කරන බලපෑම අඩු කරන එක.
හැබැයි ලංකාවෙ තරම් බයිට් ප්‍රමානයක් පාවිච්චි කරන රටක් මම පෞද්ගලිකව දැකල නැහැ.

ඊ ලඟ කාරණය.. ලංකාව.. ඉන්දියාව වගේ දකුණු ආසියානු රටවලත්.. මැද පෙරදිග කලාපයේත් මත් පැන් කියන්නෙ පිරිමින්ට වෙන්වූ පානයක්.
කාන්තාවන් වයින් වීදුරුවක් හෝ බීර වීදුරුවක් තොල ගෑවත් පුරුශයන් එක්ක මත් පැන් බෙදාගන්නව අඩුයි.
නමුත් යුරෝපයේ.. උතුරු හා දකුණු ඇමරිකානු කලාප වල මත්පැන් පිරිමි හා කාන්තා දෙපාර්ශවය අතරෙ සමානයි.
කිසිම කෙනෙක් කාන්තාවක්ව විවේචනය කරන්නෙ නෑ මත් පැන් බොනව කියල. වයින් හෝ බීර නොබොන කාන්තාවන් මට හමුවෙලා නැහැ මේ ප්‍රදේශ වල.

තවත් කාරනයක් තමයි බාර් හා බාර් ආවසර පත්‍ර..
බාර් කීවම අපේ හිතට එන්නෙ හිර ගෙදරක වගේ කම්බි ගහල පොඩි කවුන්ටරයක් තියන කඩයක්.
ඒ බාර් එකේ අයිති කාරයා පලාතෙ මන්ත්‍රී හෝ ඇමති.
බාර් එක කිට්ටුව දකින්න පුළුවන් පෝලිම්.. අතන මෙතන වැටිල ඉන්න මිනිස්සු.

නමුත් දියුණු රටවල බාර් කියන්නෙ ඉතාම ප්‍රසන්න අවන්හල් වලට.
ඕනෙම කෙනෙකුට පහසුවට වාඩිවෙලා ඕනෙම මත් පැන් වර්ගයක්.. කොක්ටේල් එකක් පාවිච්චි කරන්න පුළුවන්.

වැදගත්ම දේ තමයි සිල්ලර කඩ බොහොමයකත්.. සුපිරි වෙලඳසැල් වලත් මත් පැන් වර්ග අලෙවි කිරීම.
මත්පැන් අලෙවි කරන්න අවශ්‍ය අවසර පත්‍රය ඕනෙම වෙලඳ සලකට ලබා ගන්න පුළුවන්.
මේ රටවල මත්පැන් කියන්නෙ ටැබූ එකක් නෙවේ. මත්පැන් සුලභ තරමට මිනිස්සු මිළදී ගන්නව අඩුයි.
රෑ වෙනකල් පදමට බොන අය නැතුවා නෙවෙයි. නමුත් පහුවදා ඒ අය රැකියාවට යා යුතුයි.
ඒ නිසා මග තොට වැටිල ඉන්න අය දකින්න වෙන්නෙ කලාතුරකින්.

මෙන්න මෙතන තමයි වැදගත්ම කාරණාව තියෙන්නෙ.
ආගමක් මගින් හෝ සංස්කෘතිය මගින් සීමා පනවන්නෙ නැති වුනාම මිනිස්සු නිදහස්. එතකොට එපා කියල බල කරන දෙයක් කරන්න අදාල රටේ ජනතාව පෙළඹෙන්නෙ නැහැ.
ඒ එක්කම අධ්‍යාපන මට්ටම ඉහලයි.
රැකියාවේ වගේම පෞද්ගලික වගකීම් එක්ක වැඩි දෙනෙක් තෝර ගන්නව මැද පිලිවෙතක් අනුගමනය කරන්න.
උදාහරණයක් විදිහට ස්විට්සර්ලන්තයේ කන්සා එහෙමත් නැත්තං ගංජා පාවිච්චි කරන්න නීතියෙන් තහණම් නෑ.
අවුරුදු ගානකට කලින් තිබුනු ඒ තහණම ඉවත් කලත් එක්කම ගංජා පරිභෝජනය ඉහල ගියේ නෑ. පරිභෝජනය අඩුවුනා.
මේ මිනිස් ස්වභාවය මත්පැන් වලට.. ලිංගිකත්වයට.. ලිංගික සම්භන්ධතා වලට වගේම මත්ද්‍රව්‍ය වලටත් එක සමානයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ප්‍රසිද්ධ… සර්න් පර්‍යේශණ ආයතනයේ ප්‍රසිද්ධ.. විදේශ හා අන්තර් ජාතික සංවිධාන අතර , බැංකු කරුවන් හා කලාකරුවන් අතර ප්‍රසිද්ධ විවිධ අවන් හල් හා වීදි ජිනීවා නගරයේ වගේම ලෝකයේ ප්‍රධාන නගර වල දකින්න පුළුවන්.
ලස්සන අදහස් වලට ඇහුම් කන් දෙන්න… අළුත් නිර්මාණ බිහි කරන්න වගේම ලෝකයේ ගමන් මග තීරණය කරන කථා භහ වලට එක්වෙන්න නම් හවස හතෙන් පස්සෙ මේ අවන්හලකට ගොඩවෙන එක වටිනව.

ආයෙත් සැරයක් කියන්න තියෙන්නෙ මේ බාර් හෝ අවන් හල් වල පිරිමි තරමටම ගැහැනු නියෝජනයත් සමානයි.

ටයි කෝට් හෝ ජාතික ඇඳුම් ඇඳගෙන දවස තිස්සේම බොරු දොඩවන මිනිස්සු ඇත්ත කතා කරනව අහන්න නම් බාර් එක්කට ගොඩ විය යුතු බව කවුදෝ කියල තිබුන මතකයි.

මත්පැන් කියන්නෙත් සංගීතය..විනෝදය.. සාකච්ඡා එක්ක යන අපූරු දෙයක්.
නමුත් ඒක හරි විදිහට පාවිච්චි කරන්න බුද්ධියත් අධ්‍යාපනයත් අවශ්‍යයි.

– Malcolm sang –
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම