ඉන්ධන මිල අද සිට ඉහලට..?

ඉන්ධන මිල අද (24) සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර වාර්තා වේ.

එසේම භූමිතෙල් ලීටරයක් රුපියල් 210ක් තරම් අධික ඉහළ යාමක් සිදුවෙනු ඇති බව එම ආරංචි මාර්ග වාර්තා කරයි.

 

Social Sharing
නවතම