නිදහස් වෙළඳ කලාපත් අරගලයේ…!

කටුනායක, බියගම, කොග්ගල, අවිස්සාවේල්ල ආදී නිදහස් වෙළඳ කලාප සියල්ලමත් අද ක්‍රියාත්මක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණයට එකතුවී ඇත.

මේ අනුව දසදාහස් ගනනක සේවක සේවිකාවන් මේවනවිට මෙම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවලට එකතුව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි බලකරමින් සිටී.

ප.ව 12 සහ ප.ව 2 අතර කාලයේදී සියලූම රෝහල්වල රෝහල් කාර්‍ය මණ්ඩලයන්ද මෙම අරගලයට එකතුවෙන අතර මෙම සංඛේත වැඩ වර්ජනයට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කන්දෙන්නේ නැති නම් ඊළඟට හර්තාලයක් සහ නොනවතින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නට වැඩකරන ජනතාව සූදානම් බව මෙම සටනට එකතුවී සිටින සියලු වෘත්තීය සමිති නායකයන් ප්‍රකාශ කර සිටිති.

Social Sharing
නවතම