අරගලයට එලෙස පවතින්න ඉඩ දෙන්න…!

මේ අරගලයට නායකත්වයක් නෑ. ඒක මීට කලින් තිබුණ අරගලවලින් වෙනස් වෙන්නේ ඒකයි. මේ අරගලයට තියෙන්නේ සටන් පාඨ ටිකක්. මිනිස්සු එකතුවෙලා ඉන්නේ මේ සටන් පාඨ වටේ. එතකොට මේ සටන් පාඨ තමයි මේ අරගලයට නායකත්වය දෙන්නේ.

1/ ගෝඨා ගෙදර පල 

2/ රාජපක්ෂලා නැති ආණ්ඩුවක්

3/ රාජපක්ෂලා කොල්ලකාපු ධනය නැවත ගතයුතුයි

4/ රාජපක්ෂලා හිරේට දැක්කිය යුතුයි

මෙන්න මේ වගේ ප්‍රධාන සටන් පාඨ ටිකක් වටේ තමයි අරගලකරුවන් හිටගෙන ඉන්නේ. ඒනිසා දැන් කවුරුත් මේක තමන්ගේ නමට ලියාගන්න යන්න හොඳ නෑ. තමන්ගේ නමින් ප්‍රකාශ දෙන්න යන්න හොඳ නෑ. ඒක එහෙම වුණොත් මේ අරගලය දියවෙලා විනාශ වෙලා යන්න පුලුවන්.

මේ මහපාරේ අරගලය මේ ආකෘතිය අස්සේ දිගට යන්න ඕනී. ඒ අතරේ තවත් පිරිසක් ආණ්ඩුව සහ විපක්ෂය සමග සාකච්ඡා කරන්න ඕනී. ඒ සාකච්ඡාවට මේ අරගලයේ රෂ්මිය වැදුනට මේ අරගය සහ ඒ යාන්ත්‍රනය කෙළින්ම ගැටගහන්න හොඳ නෑ කියන එකයි මගේ අදහස. එහෙම ගැටගහන්න ගියොත් පටු අරමුණු එක්ක මේ අරගලයේ නාමයෙන් ගොඩක් දෙනෙක් රාජපක්ෂලා එක්ක එක එක ඩීල් දාන්න පුලුවන්. ඉතිහාසය ඒ පාඩම අපිට ඕනිවටත් වඩා උගන්වලා තියෙනවා.

ඒ නිසා අරගලයට උදව් කරන්න අරගලයට මැදිහත් වෙන්න ඒත් තමන් ආස පාරේ මේක දක්කගෙන යන්න මහංසි වෙන්න එපා. අපි හැවෝම ඒක එහෙම කරන්න උත්සාහ කළොත් මේක විනාශ වෙලා යාවී.

අපි හැවෝම දවසක පොදු වැඩපිළිවෙළක් හදලා පොදු සහ විදිමත් සංවිධාන ව්‍යුහයක් අස්සට මේ අරගලය ගන්නවද නැද්ද කියන දේ පස්සේ සාමූහිකව කතා කරමු. එහෙම තත්ත්වයකට මෙහි ගතිකයන් නිර්මානය වෙනකම් අපි ඉවසමු කියන එකයි මගේ යෝජනාව.

අපි මේ අරගලය මේ මාවතේ තවත් උත්සන්න කරමු. එතකොට මතුමහල දෙදරයි. උඩ කවයන්වල පුටු රත් වෙයි. ඔවුන් සාර්ථක සාකච්ඡාවලට යොමු වෙයි. ඒ කතා හරහා වඩා සාධනීය දේවල් සිද්ධවෙයි. ඒවා දැනටත් සිදුවෙමින් තිබෙනවා.

19+ ගැන වගේම විධායකය ඉවත් කිරීම ගැන මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව වගේ බොහෝ දේවල් ගැන මේ වෙනකොටත් යම් යම් සාධනීය සාකච්ඡා සිද්ධවෙමින් තිබෙනවා. ඒවා සාර්ථක ගමනාන්තයකට යන්න මේ අරගලයේ උණුසුම ඒ විදිහටම තියෙන්න ඕනී. නැත්තං මේක තව තවත් උණුසුම් වෙන්න ඕනී. මම නම් හිතන්නේ එහෙම.

ඒනිසා අරගලකරුවනි රාජපක්ෂලා දෙන ඇමවල් ගිලින්න එපා. ගිල්ලට කමක්නෑ මේ අරගලය ඒ දිහාට අරගෙන යන්න මේක දියකරලා දාන්න වැඩ කරන්න එපා. මේක තවතවත් උණුසුම් කරන එක සහ මේ අරගලය නොගිය ඉසව්වලට අරගෙන යාම තමයි අපේ වගකීම.

මේ හැඩය අස්සේ මිනිස්සුන්ට එකතුවෙන්න හුස්ම ගන්න හොඳටම ඉඩ අවකාශය තියෙනවා. මිනිස්සු මේක අස්සේ එක එක විදිහට හුස්ම ගන්නේ ඒකයි. ඒක ලස්සනයි. ඉස්සර තිබුණ අරගලවලට වඩා මේක මනුස්ස පාටයි. ආදරණීයයි. ඒනිසා ඒ නෙක පාටවලට මේ තියෙන ඉඩ ඒ විදිහටම තියන්න.

දැනට මේ වතුර ටිකට මේ වීදුරුවේ හැඩය ගන්න ඉඩ දෙන්න…!

#GoHomeGota2022

#PeoplesProtestLK

#SLinCrisis

#PeoplesProtestSriLanka

Social Sharing
නවතම