ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි.
එහිදී ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
එමෙන්ම මේ වනවිට ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් නිරන්තරයෙන් විදුලි ඇනහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවත් එම වාර්තාවේ දැක්වෙයි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පහත හෙළා ඇති අතර ණය රැස් කිරීම සඳහා විදේශ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම අවහිර කර ඇතැයිද වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.
උපුටා ගැනීම : නිව්ස්පීඩියා