කොරෝනා එක්ක ඡන්දේ කරන්නට නිරීක්ෂකයින්ට ආචාරධර්ම කොටුම්පතක්!

කොවිඩ් 19 වසංගත පසුබිම තුල මැතිවරණ නිරික්ෂකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධති කෙටුම්පතක් සකස් කිරීම මැතිවරණ නිරික්ෂණ සංවිධාන ඒ්කාබද්ධව සිදු කර ඇත.

නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වු ජනතා ව්‍යාපාරය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය, ලක්බිමේ මව්වරු සහ දියණියෝ, නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය, ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය යන සංවිධාන එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩාත් විනිවිද හා ප්‍රජාත්‍රන්තවාදී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු දියත් කිරීමට සැලසුම්කොට ඇත. දැනට පැතිරෙමින් පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වයෙහි බරපතලභාවය මෙන්ම එකී වෛරසය ව්‍යප්තවීම වැළැක්වීමේ වගකීමද මනා ලෙස අවබෝධ කර ගනිමින් ඒම සංවිධාන විසින් ආචාර ධර්ම පද්ධති කෙටුම්පත සැකසිමට  පියවර ගෙන ඇත.

ඒ් අනුව කොවිඩ් 19 සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම, පුද්ගල හමුවීම් හැකිතාක් දුරට අවම කර ගනිමින් මාර්ගගත සන්නිවේදන කටයුතු වලට මුල් තැන ලබා දීම, සෑම අවස්ථාවකදිම මීටරයේ දුරස්ථභාවය පවත්වා ගැනීම, නිරන්තරයෙන් දෑත් සබන් හෝ විෂබීජහරණ දියරයක් යොදා පිරිසිදු කිරිමට උපදෙස් දීම, පොදු  ස්ථානයන්හිදී ආයතනගත සියලුම සාමාජික සාමාජිකාවන්ට මුඛ ආවරණ පැලඳීමට උපදෙස් දීම, පොදු ප්‍රවාහන සේවය අවම කර පුද්ගලික වාහන ගමන් බිමන් වලට යොදාගෙන ඒ්වා විෂබිජහරණයට ලක් කිරීම,  යම් හෙයකින් පුද්ගල සබඳතා පැවැත්වීම සබැඳි කරුණු පිලිබඳව තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය වුවහොත් ඒ් සඳහා ලබා දීමට අවැසි සියලුම කරුණු වු ඒනම් තමන් ආගිය තැන්, හමු වු පුද්ගලයින් පිලිබඳ පොතක සටහන් කර තබා ගැනීම හා සෑම විටම ආයතනගත නිලධාරියාට මෙන්ම ස්වේච්ඡා නිලධාරීන් වෙතද සෞඛ්‍ය රක්ෂණාවරයක් ලබා දීමට කටයුතු කිරීම, නිරන්තයෙන් සිදු කෙරෙන සෞඛ්‍ය අංශ පරික්ෂාවකදි කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඒම පුද්ගලයා වහාම ස්වයං නිරෝධායනය යොමු විය යුතුය යන මුලික කරැණු මෙම ආචාර ධර්ම පද්ධතියට ඒක් කර ඇත. මෙය ආයතනගත සාමාජිකයාට මෙන්ම ස්වේච්ඡා නිලධාරීන්ටද පොදු බව මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් සඳහන් කර සිටියි.

මීට  අමතරව සියලුම මැතිවරණ නිරික්ෂකයින් සඳහා ප්‍රතිඥාවක්ද සකස් කර ඇත.

-ශානිකා-

Social Sharing
නවතම