ලෝක බලවතුන්ගේ තත්ත්වය බරපතලයි!

ලෝකයේ බලගතුම රාජ්‍ය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයත්, ලතින් ඇමරිකානු බලවතා වන බ්‍රසීලය හා දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව, කෝවිඩ් 19 රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන ලෝකයේ බලවත්ම රාජ්‍ය තුන ලෙස සැලකේ.

දැනට මුලු ලෝකයෙන්ම කෝවිඩ් 19 ආසදිතයින් සොයා ගෙන ඇත්තේ මිලියන 14කට වැඩි ප්‍රමාණයකි. මෙම ප්‍රමාණයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ඒනම් මිලියන හතකට ආසන්න ප්‍රමාණයක් මෙම බලවත් රටවල් තුනෙන් මේ වන විට සොයා ගෙන තිබේ. ඒමෙන්ම කෝවිඩ් 19 ආසාදනය විමේන් ලොව පුරා මිය ගිය ප්‍රමාණය මේ වන විට ලක්ෂ 6කට ආසන්න වී ඇති අතර, ඉන් මෙම බලවත් රාජ්‍යයන් තුනෙන් පමණක් ලක්ෂ දෙකහාමාරකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

මේ අතර ඊයේ (17) දිනයේ පමණක්  Covid19 රොගීන් 240,000 මුලු ලෝකයෙන් වාර්තා වන විට මෙම රජ්‍යයන් තුනෙන් පමණක් රෝගීන් 140,000 ක් සොයා ගෙන තිබේ. ඊයේ දිනයේ පමණක් මෙම රෝගයෙන් 5555 ක් මිය ගොස් ඇති අතර, ඉන් 2732ක් ඉහත රාජ්‍යයන් තුළින් මිය ගොස් තිබේ.

Social Sharing
නවතම විදෙස්