මහමැතිවරණය තෙක් පාසැල් වැසෙන ලකුණු!

කෝවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව මාස 3කට පමණ පසුව නැවත පාසල් විවෘත කරනු ලැබූවේ පසුගිය 6 වනදා ය. නමුත් ඒයත් සතියකට පමණක් සීමා විය. ඒ් සතියේ ද පාසැල් විවෘත වුයේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට විභාගයට, සමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසු සිසුවියන්ට පමණි.

නමුත්, නැවතත් දෙවැනි කෝවිඩ් රැල්ලක ලක්ෂණ මතුවීමත් සමග දිවයිණේ සියලුම පාසැල් වසා දැමුනේ දින නියමයක් නොමැතිවය. පාසැල් විවෘත කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊයේ (17) තම නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යවා තිබු අතර, ඒහි සදහන්ව ඇත්තේ ද එළඹෙන සතිය තුළ ද පාසැල් වසා තැබීම යෝග්‍ය නොවන බවයි.

මේ සම්බන්ධව අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවෙන් පසුව ලබන සතිය තුලත් පාසැල් වසා තැබීමට තීරණය කර තිබේ. මේ වන විට සිසු දරැවන් තිදෙනෙකුට කෝවිඩ් 19 අසාදනය වීමත්, දිස්ත්‍රික්ක පහක පාසැල් දරැවන් හා ගුරැවන් 200ක පමණ පිරිසක් තවමත් නිරෝධායනට ලක් කර ඇති තත්ත්වයක් තුළ පාසැල් දරැවන්ගේ ආරක්ෂාව සදහා ලබන 27 දක්වා පාසැල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යශය තීරණය කර තිබේ. ඒහි දී ද සාකච්ඡා වී ඇත්තේ  5, 11 සහ 12 වසරේ සිසුන් සදහා පමණක් ලබන 27 වන දින පාසැල් විවෘත කිරීමටය. ඒමෙන්ම, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින නියම කිරීමත් ලබන සතිය තුළදී සිදු කිරීමට නියමිතය.

මේ අතර, අප වෙත වාර්තා වෙන්නේ ලබන 27 පසුව සතිය මැතිවරණ සතිය බැවින්, වසංගත තත්ත්වයක් තුළ පැවැත්වෙන මෙම මැතිවරණය සදහා ඊට අදාල රාජකාරි වෙනදටත් වඩා වේලසනින් ආරම්භ කළ යුතුව ඇති නිසා මහ මැතිවරණය පසුවන තෙක් සියලු පාසැල් වැසීමට සිදුවනු ඇති බවයි.

Social Sharing
නවතම