යුක්රේනය කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.
යුක්රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය.
යුක්රේන යුරෝපා සංගමයේ සාමාජිකයකු වුවහොත්, සෙසු සාමාජික රටවලට සෘජුව මැදිහත් වී, යුක්රේන සහාය පළ කරමින් රුසියන් හමුදා සමඟ යුද වැදීම කළ හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්/ ලංකාදීප)