රුසියාවට ගහන්න කැමතිනම් එන්න…

යුක්‍රේනයට බලහත්කාරයෙන් ඇතුල්වී සිටින රුසියානු හමුදාව සමග සටන් කරන්නට කැමති ඕනෑම රටක සටන්කාමියෙකුට වීසා නොමැතිව නිදහසේ තම රටට ඇතුල් විය හැකි බව සහ ඇතුල්වී ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමග එකතුව සටන් කළ හැකි බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කරයි.

බටහිර මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට යුක්‍රේන ජනාධිපති මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ යුධ ආඳාාවක් නිකුත් කරමිණි. දැනට යුක්‍රේනයේ ක්‍රියාත්මක වන්නේ හමුදා නීතිය වන අතර මෙම යුද්ධ තත්ත්වය අවසන් වනතුරු එය යුක්‍රේනය තුළ බලාත්මකව පවතිනු ඇත. ඒ අනුව මෙම කාලය තුළ ඕනෑම සටන්කාමියෙකුට යුක්‍රේන භූමියට ඇතුල්වී රුසියානු හමුදා සමග සටන් කිරීමට හැකිවෙනු ඇත.

තත්ත්වය මෙය වනවිට බෙලරුසියානු දේශසීමාවේදී අද (01) සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වෙන බව දැනගන්නට ඇත.

Social Sharing
නවතම විදෙස්