මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට ආයුධ සන්නද්ධව ඇතුලුවූ පිරිසක් අද උදේ (14) ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ප්‍රකාශ කරන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.
පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී ඇති මෙම පිරිස කුමන හේතුවක් අරඹයා මෙලෙස කළාදැයි දැනගන්නට නැත.
කෙසේ වුවත් මෙය මාධ්‍ය නිදහසට කළ තර්ජනයක් සහ මාධ්‍ය බිය වැද්දීමේ අරමුණෙන් කළ දෙයක් විය හැකිය.