හෙට රංජන්ට සහ ප්‍රේමලාල්ට නිදහස

හෙට එනම් පෙබරවාරි 04 නිදහස් දාට රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාට ජනාධිපති සමාව පිරිනමනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

අධිකරණයට අපහාස කළා යැයි අසාධාරණ සිරදඬුවමකට යටත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට ජනාධිපති සමාව ලබාදිය යුතුයැයි ජාතිකවත් අන්තර්ජාතිකවත් පසුගිය කාලයේ විශාල හඬක් නැඟිනි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළායැයි මරණ දඬුවමට ලක්ව සිරගතව සිටි දුමින්ද සිල්වා හට නිදහස ලබාදී ඔහුට රජයේ ඉහළ තනතුරක් පිරිනැමූ පසුබිම තුළ රංජන් රාමනායක හට ජනාධිපති සමාව ලබාදිය යුතුයැයි උස් හඬක් නැඟුණි.

මේ අතර මෙම නිදහස් කිරීමට සමගාමීව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී රැලියක් සංවිධානය කරමින් සිටි ශාන්ත දොඩංගොඩ නැමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීමට වරදකරුවී මරණ දඬුවම හිමිව සිටින පොදුජන පෙරමුණේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හටද ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි ආරංචි පළවේ.

මේ අතර තමන් හෙට දිනයේදී නිදහස් වෙන බවත් එහිදී තමන් මුලින්ම තමන්ට ආදරේ පිරිස දැකගන්නට කැමති බවත් ‍රංජන් රාමනායකගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

Social Sharing
නවතම