ජනාධිපතිගේ ධුර කාලය රබර් කරන්න ඩයනාගෙන් යෝජනාවක්

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තවත් වසර දෙකකින් දිඟු කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නට තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ප්‍රකාශ කරයි.

අද 21 දා ජනාධිපතිගේ රාජාසන කතාව පිළිබඳ විවාදයට එකතුවෙමින් ඇය ප්‍රකාශ කළේ ජනාධිපතිගේ ධුර කාලය මෙන්ම ආණ්ඩුවේ ආයු කාලයද අවුරුදු 2කකින් දීර්ඝ කළ යුතු බව ය. එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් නිසා නැතිවුණ අවුරුදු දෙක තිබුණා නම් ඉතුරු අධිවේගී මාර්ග ටිකද සාදා නිමකළ හැකි බවය. එනිසා එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවිත් තුනෙන් දෙකක බලයකින් එය සම්මත කර එම කාලය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බව එහිදී ඇය ප්‍රකාශ කළාය.

ඇමරිකාව එංගලන්තය වැනි රටවලත් මේවනවිට කෑම හිඟ තිබෙන බවත් එහෙත් පෝලින් තිබෙන බවත් ප්‍රකාශ කරන ඇය මෙය ලෝක අර්බූදයක් බව ප්‍රකාශ කළාය. මේ අවස්ථාවේ රට ගොඩනැඟීමට ජනාධිපතිට උපකාර කළ යුතු බවත් තමන් සිටින තුරු ආණ්ඩුවට ෆේල් වෙන්නට ඉඩ නොදෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

Social Sharing
නවතම