වරායට තෙල් ආවට ගන්න සල්ලි නෑ, දඩත් කන්න වෙයි…!

ඉන්ධන නැව් හතරක් කොළඹ වරායට පැමිණ තිබුණත් එම නෞකා තුළ තිබෙන ඉන්ධන රට තුළට ගැනීම සඳහා ඩොලර් නැතිබව වාර්තාවෙන අතර එනිසා ප්‍රමාද ගාස්තුද විශාල වශයෙන් ගෙවන්න වෙනු ඇතැයි වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඉන්ධන නැව් හතර ගොඩබෑම සඳහා නිසි කලට ඩොලර් මුදා හරින්නට මහබැංකුව අපොහොසත් වීම නිසා ඇ.ඩො. ලක්‍ෂ 3ක් පමණ ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඩීසල් මෙටි‍්‍රක් ටොන් 40 000හේ නෞකා දෙකක්, ගුවන් යානා ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 30,000 ක් අඩංගු නෞකාවක් සහ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 අඩංගු නෞකාවක් වරායට පැමිණ ඇතැයි දැනගන්නට ඇත.

පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 ක් අඩංගු නෞකාවේ පෙට‍්‍රල් ගොඩබෑම දින තුනක ප්‍රමාදයකින් පසුව 14 වැනිදා සිට ආරම්භ කර තිබේ. එහෙත් අනෙකුත් නැව් පිළිබඳව තවමත් තීරණයක් නැත. මෙය විශාල අර්බූදයක් බව වරාය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම