බැසිල්, මුදල් ඇමති තනතුර දැරීම ව්‍යවස්ථා විරෝධීයි!

පුරවැසි පනතට අනුව මෙරට කිසිඳු සම්පත් දැරීමට බැසිල් රාජපක්ෂට සුදුසුකමක් නැති බවත් එනිසා ඔහු මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අභියාචනාධිකරණයේදී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දැරීම අභියෝගයට ලක්කරමින් ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස සහ මුදල් ඇමැතිවරයා ලෙස පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉහත ප්‍රකාශය කළ  ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ප්‍රශ්න කර ඇත්තේ ඇමරිකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක අවි දැරීමට දිවුරා පොරොන්දු වී සිටින පුද්ගලයෙක් මෙරට මුදල් අමාත්‍ය ධුරය දරන්නේ කෙසේද කියා ය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග වුණ අතර එම පෙත්සම පෙබරවාරි 07 දා නැවත විභායට ගනු ඇත.

Social Sharing
නවතම