ඉහළ යන බඩු මිලට එරෙහිව උතුරේ විරෝධතා

දරාගත නොහැකි ආකාරයෙන් දිනෙන් දින ඉහළ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙලන ලෙස රජයට බල කරමින්  මුලතිව්හි  ජනයා  විරෝධතාවයක ඊයේ (11) නිරත විය.

ප්‍රාදේශිය දේශපාලනඥයන්ගේද සහභාගීත්වයෙන් පුදුකුඩිඉරිප්පු නගරයේ සිට ප්‍රදේශිය සභාව දක්වා විරෝධතා පා ගමනින් පැමිනි ජනතාව ආණ්ඩුවට බල කර සිටියේ වහාම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමා ජනතාවට සහන ලබා දීමට  කටයුතු කරන ලෙසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අසීමිත ලෙස ඉහළ යෑම නිසා තමන්ට ජීවත්වීම අතිශය අසිරු තත්වයක පවතින බව ඔවුන් අවධාරණය කර තිබේ.

බැනර සහ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් පා ගමනේ ගිය  විරෝධතාකරුවන් හිස් ගෑස් සිලින්ඩර් පටවාගත් කරත්තයක්ද සිය විරෝධතාව සදහා එක්කරගෙන තිබුනි.

උද්ඝෝෂණය  අවසානයේ ඔවුන් සිය ඉල්ලීම් ඇතුලත් ලිපියක් ප්‍රාදේශිය සභා සභාපතිවරයාට බාර දි ඇත.

විරෝධතාවයට සහාය පළ කිරීම සදහා පුදුකුඩිඉරිප්පු නගරයේ වෙළදසැල්ද වසා තිබුණි.

 

 

Social Sharing
නවතම