ව්‍යාජ චෝදනාවක් නඟා පොලිසියෙන් වාහල්කඩ ගෙදරකට පහර දි අලාභ හානි කරයි

අමද්‍යප දිනය පැවති දිනයේ නිවසක රජයේ මත්පැන් සගවා ගෙන අලවිකර තිබෙනා බවට ලැබුණු තොරතුරකට එහි පැමිණ ඇති වාහල්කඩ ඩී-හතර පොලිසියේ නිලධාරින් නිවැසියන් නොමැතිව සිටි නිවසට පහරදි අලාභ හානී සිදුකර ගොස් තිබෙනා බව එහි හිමිකරුවන් අනාවරණය කළහ.

හොරොව්පොතාන ඩී දෙක වාහල්කඩ ලිපිනයේ පදිංචිව සිටින කේ.ඩී විජේපාල මහතාගේ නිවසට පසුගිය (3දා)රාත්‍රී හතට පමණ පැමිණ ඇති පොලිස් කණ්ඩායමක් එහි ජනේල විවෘත කර අලවංගු හා යකඩ කම්බි යොදා ගෙන දොරවල් කඩා දැමීමට උත්සහ කර තිබෙනා බව විජේපාල මහතා පැවසුවේය.

අවස්ථා කිහිපයකදීම සිය නිවසට පැමිණි කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරින් බව කියූ පිරිසක් රජයේ මත්පැන් සෙවූ බවත් පානය කිරීමට රැගෙනවිත් තිබූ මත්පැන් බෝතලයක් හමුවුව හොත් එය අත්අඩංගුවට ගෙන අලවිකළ බව පවසමින් අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා මීට පෙර අවස්ථාවකදී කැබිතිගොල්ලෑව කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනා බවත් ඔහු පැවසුවේය.

දිගින් දිගටම වාහල්කඩ පොලිස්ථානයේ නිලධාරින් පැමිණ සිදුකරනා අඩම්තේට්ටම් සම්බන්ධයෙන් කථා කළ කේ.ඩී විජේපාල මහතා.

මම බස් රථ  හිමියෙක් ගොවියෙක්. මම දිනපතා රජයේ මත්පැන් ටිකක් පානය කරනවා. හැමදාම රාත්‍රීයට පොලිසිය ඇවිල්ලා ගෙදර මත්පැන් විකුණනවා කියලා කරදර කරනවා. අමද්‍යප දිනය දවසේ මමත් බිරිදත් නිවසේ හිටියේ නෑ.

දුවගේ නිවසට ගිය අවස්ථාවේ පොලිස් කණ්ඩායමක් ඇවිල්ලා යකඩ කම්බි අලවංගු දාලා දොරවල් කඩන්න හදලා. ඉස්සර හා දොරට පයින් ගහලා කඩන්න හදලා. රූපවාහිනියේ වයර් එලියේ ඉදන් ඇදලා කඩලා. අපි නිවසට ආපුවහම අසල් වැසියෝ කිව්වා පොලිසියෙන් ඇවිල්ලා ගෙදර ජනෙල් දොරවල් කැඩුවා කියලා.

ජනෙල් වලට තාවකාලිකව සවිකර තිබුණ ඉටි රෙදි ඉරලා තහඩු ගලවලා දාලා. අපි දුවලාගේ ගෙදර ගිහිල්ලා එද්දි නිවසට දැඩි අලාභ හානී සිදුකරලා. මත්පැන් විකුණුව නම් අත්අඩංගුවට ගත්තට කිසිදු ප්‍රශ්නයක් නෑ. ඩී දෙක ප්‍රදේශයට මත්පැන් අලවිහලක් නෑ. ඒ නිසා ගමේ මිනිස්සු කිලෝ මීටර් 40-50ක් දුරින් තියෙන හොරොව්පොතාන නගරයෙන් තමයි මත්පැන් ගේන්නේ. නැත්නම් මත්පැන් බොන මිනිස්සු කසිප්පු බොන්න ඕන.

මත්පැන් බෝතල් දහක් පුද්ගලයෙකුට ප්‍රවාහනය කරන්න පුළුවන්. සන්තකයේ තබා ගන්න පුළුවන් මේ පොලිසියේ නිලධාරින් මත්පැන් බෝතලයක් අරගෙන ඇවිල්ලා ගෙදර තියාගෙන හිටියත් අත්අඩංගුවට අරගෙන වික්කා කියලා උසාවි දානවා. රජයේ මත්පැන් හිස් බෝතල් තිබ්බත් අත්අඩංගුවට අරගෙන විකුණලා තියනවා කියලා මිනිස්සුන්ට හිරි හැර කරනවා.

රටේ නීතියක් තියනවා. ඒ නීතිය හරි විදියට ක්‍රියාත්මක වෙන්න ඕන. කාට හරි විකුණද්දි අත්අඩංගුවට ගත්තට කමක් නෑ. නමුත් මොකෙක් හරි බොරුවට හරි මත්පැන් වික්කා කියලා පොලිසියට කිව්වම නිවසට බලහත්කාරයෙන් කඩා පැනලා ගෙවල් කුඩු පට්ටම් කරලා මිනිස්සුන්ට අපහාස කරලා බොන්න ගෙනල්ලා ඉතිරි වෙලා තියන මත්පැන් බෝතලය උසාවියට ඉදිරිපත් කරනවා.

ඩී හතර පොලිස් මුරපොලේ නිලධාරින් මේ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කරනවා. අපි මත්පැන් පානය කරන්නේ රජයට බදු ගෙවන මත්පැන්. මේ අකටයුතු කම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පළාතේ උසස් නිලධාරින් අවධානය යොමු කරන්න ඕන. නිකරුණේ මිනිස්සුන්ට හිරි හැර කිරීම අපහාස කිරීම වහාම නවත්වන්න ඕන යනුවෙන් ඔහු පැවසුවේය.

house demeg house demeg

 

 

 

 

 

 

 

 

 

බුද්ධික මහේෂ්

Social Sharing
නවතම