ස්ත්‍රියට සමතැන දෙන්න. කෝ ඔයාලගෙ වැඩවලදි ස්ත්‍රියට තැනක් දෙන්නේ නෑනේ. කෝ පිරිමි පහයි එක ගෑනියෙක් හොයාගන්න බැරිවුණාද ඔය සංවාදයට. ඇත්තටම ඇයි හතරක් ඉන්න සංවාද අවකාශයට දෙන්නෙක් ගැහැනු දාන්න බැරි?.. දැන් මෙහෙම කතා විලාසිතාවට වගේ ඇහෙනවා. මාත් මෑතක ඉඳලා ටිකක් මෙවනි සංවාද වැඩසටහන් සංවිධාන වැඩවලට සහභාගීවෙන මනුස්සයෙක් විදිහට යමක් ලියන්න ඕනී කියලා හිතුවා.
මම නම් පුද්ගලිකව මෙවැනි වැඩවලදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන හිතන්නේ නෑ. ඒ වැඩේ ගැන කතාකරන්න ඉන්න හොඳම සහ අපිට සම්බන්ධ කරගන්න ලේසිම අය කවුද කියන එක තමයි ගොඩක් වෙලාවට සලකන්නේ. සහ හිතන්නේ. එතනදී සමහර වෙලාවට ගැහැණු බහුතරය වෙන අවස්ථාත් තියෙනවා. පසුගිය දා අපි සංවිධානය කරපු ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන කතා බහේදීත් ඒක එහෙම වුණා. සමහර දෙයක් ගැන කතාකරන්න ගියාම පිරිමි බහුතරය වෙනවා. නොවැලැක්විය හැකි විදිහට. එහෙම වෙලාවට ඒක අල්ලගෙන කෑගහන අයගෙන් මට අහන්න තියෙන්නේ මේ කෑගැහිල්ලේ යට අර්ථය ලිංගිකත්වය මත පදනම් වෙලා හිතපල්ලා ගණන් හදපල්ලා කියන එක නේද? හැවෝම මනුස්සයෝ කියලා සලකන්න කියන ගමන් පිරිමින් තුනක් ඉන්නවා නම් ස්ත්‍රීනුත් තුනක් ගන්න කියන එක හෝ ස්ත්‍රීන් තුනක් ඉන්නවා නම් පිරිමිනුත් ඒ සමානව ගන්න කියන එක ලිංගිකත්වය මත හිතලා තීරණ ගැනීම නෙවෙයිද?..
අපි ජාතියක් විදිහටම මෙවැනි ප්‍රශ්න විලාසිතාකරණය කරන්න රුසියෝ. ඒක හරහා සැබෑ ප්රශ්නය අමතක වෙනවා කියන එකයි මගේ හැඟීම. ජාතික සමගිය චිත්‍රපටයක් කරලා පොතක් ලියලා විවාහයක් කරගෙන හදන්න පුලුවන් කියලා හිතන අපි මෙවැනි වැඩවලින් කාන්තාවන්ට සමතැන අරං දෙන්න පුලුවන් කියලා හිතනවා. එහෙම අරං දෙන්න මෙහෙම අරගල මාක් කරන තැනම කාන්තාව වෙනගොඩකට දාලා ආන්තීකරණය කරනවා කියන එකයි මගේ මූලික අදහස. සමතැන ඉල්ලනකොටම සම නෑ කියලා කෑගහලා කියනවා. බෙදා වෙන් කිරීමම තමයි එතනත් සිද්ධ වෙන්නේ. කාන්තාවන් ප්‍රාදේශීය දේශපාලනයට හරි අපූරු විදිහට ගණිත සූත්‍රයකින් ගත්ත ජාතියක් අපි. තියෙන ආසන ගාණට කාන්තා නියෝජනය ගන්නේ නැතුව ඇත්තටම කළේ වළිගක්වගේ නියෝජනයේ එල්වන එක… ඊටපස්සේ ඒ අරගලය අහවරයි. මිනිහා මැරුණාම ගෑනිට දේශපාලනයට එන්න පුලුවන්. ඒකයි සිරිමාගේ ඉඳලා ක්‍රමය. ඒ අවකාශයවත් වෙනස් කරන්නේ කොහොමද කියන එක ගැන අපි ගැඹුරින් වැඩ කළේ නෑ කතා කළේ නෑ කියන එකයි මගේ තර්කය.
අද ප්‍රධාන පක්ෂ දෙක අස්සේ දේශපාලනයෙන් ඉහළට එන්න පවුල් සම්බන්ධයක් තියෙන්න ඕනී. පවුල් සම්බන්ධයක් තියෙනවානම් ලිංගය අදාළ වෙන්නේ නෑ. මොකක් හරි දේකින් උඩට එන්න කුලමල ජාති යාලුමිත්‍ර බැඳියාවන් තියෙන්න ඕනී. සංවාදයකට සමුලුවකට අසුන් ගන්න උනත් පුලුවන් යාළුමිත්‍ර පිටකසාගැනීම් බැඳියාවන් තියේනම්. එතකොට ලිංගය ගණන් ගැනෙන්නේ නෑ. ලංකාවේ තියෙන්නේ ලිංග බේදය කියන සරළ දේට වඩා ගෝත්‍රිකකම. ඒක කඩන්න තමයි සංවාදයක් අවශ්‍ය වෙන්නේ. ඒකට මල් පෝච්චි වගේ කාන්තාවන් ස්ටේජ් එක මත හිඳවීමට උද්ඝෝෂණය කිරීම නෙවෙයි වැඩේ. කාන්තාවන් පුරුෂයින් හා උරෙනුර ගැටිලා වැඩකරන්න අවශ්‍ය දැනුම වටපිටාව සහ සංස්කෘතියයි හදන්නයි අවශ්‍ය වෙන්නේ. මම මේකෙන් කියන්නේ කාන්තාවට දැනුම නැහැ කියන දේ නෙවෙයි. හැබැයි වැඩකට කාන්තාවක් දානවා කියලාම සොයන්න ගියාම කන්න වෙන කට්ට ගැන අපිට අත්දැකීම් තිබෙනවා. ඒනිසා අපි වැඩකරන පිරිමි අවකාශ (අපි එසේ කියනවා නම්) මනුස්ස අවකාශ කරන්න අවශ්‍ය සංවාදයයි අවශ්‍ය. ඒක හදපු දවසට ඔය කාන්තාවන් ගණන් කිරීම කරන්න වෙන්නේ නෑ.
සංවාදවල කාන්තාවන් ගණන් කරන සුනන්ද දේශප්‍රිය වගේ අපේ වැඩිහිටි මිත්‍රයෝ ඔවුන්ගේ රාජකාරිය අරගලය සංවාදය හරියට කළානම් අද ඔවුන්ට මෙහෙම කාන්තාවන් ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒකයි ඇත්ත. මේක කා සමගවත් ආරෝවකට හතුරුකමකට කරන ප්‍රකාශයක් නොවෙයි. අද ලංකාව කියලා කියන්නේ අපි හදපු *ජ්ජක් නෙවෙයි අපේ තාත්තලා අම්මලා අපිට හදලා දීපු බක්කකට. ඒනිසා මේක හදන්න හිතනවානම් සුනන්දලා කරමින් හිටපු සංවාද භාෂාවම හරියන්නේ නෑ. ඊට වෙනස් ප්රවේශයකුයි අවශ්‍ය වෙන්නේ. අද මෙහෙම ස්ත්‍රීන් ගණන් කරන සුනන්දලා එදා තමන් සංවිධානය කරපු සංවාද අවකාශවලට ගැහැණුන් වැඩි වැඩියෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න ඇති. මොකක් හෝ කරුමයකට ඒකේ අසාර්ථකබව තමයි අද දවසේ මේ තත්ත්වය අපිට පහදන්නේ.. ඒනිසා මට හිතෙන්නේ මේක වෙනස් කිරීම සඳහා මීට වෙනස් අරගලයක් කළ යුතුයි. පවුල අස්සේ ඉඳලාම ගැහැනු පිරිමි බේදයක් නැතුව වැඩකරන්නේ කොහොමද කියන එක ගැන නැවත වටයකින් හිතන්න වෙයි. සංවාද කරන්න වෙයි. ඒ සංවාදය හිස් පුටුවකට ඌනනය කරන්න එපා..!