හදිසි නීතිය නිසා මාධ්‍යයට විය හැකි බලපෑමක් ගැන මාධ්‍යවේදී පෝදදල ජයන්තගෙන් හෙළිදරව්වක්!

හදිසි නීතිය ගෙන ආ නිසා තමා මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමට හැකි වුනේ යන මතය මේ වන විට සමාජ ගත කිරිමේ උත්සහයක නිරත වන බවත් නමුත් උපරිම මිල / ගබඩා වැටලීම් සිදු වන්නේ  හදිසි නීතිය අනුව නොව සාමාන්‍ය නීතිය යටතේ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පවසයි.

හදිසි නීතිය යටතේ පවතින නීති අත්හිටුවීමටත් / සංශෝධනයට හා නව රෙගුලාසි ගෙන ඒමටත් හැකියාව තිබෙන බවත් හදිසි නීතිය අප අනුමත කිරිම හිස් චෙක්පතකට අත්සන් තැබීමක් වැනි කරුණක් බවත් ඔහු කියා සිටියි.

ජනාධිපතිවරයාට ඇවැසි පරිදි නීති ගෙන ඒමේ හැකියාව හදිසි නීතිය හරහා හිමි වන බව මෙහිදි ඔහු අවධාරණය කර සිටියේය.

උපරිම මිල ගෙන ඒමට යොදා ගෙන ඇත්තේ ද, ගබඩා වැටලීමට යොදා ගෙන ඇත්තේද පාරිභෝගික ආරක්ෂක පනත් බවත් මේ සියල්ලට සාමාන්‍ය නීතිය යටතේ විසඳුම් තිබියදී හදිසි නීතිය පනවා තිබෙන බව පෙන්වා දී සිටියි.

විශේෂයෙන්ම මේ හදිසි නීතිය හරහා ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස වැලැක්වීමට නිසි බලධරයෙක් පත් කිරිමේ හැකියාවක් ඇති බවට අනතුරු අඟවා සිටින මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා පවසන්නේ එවිට සමාජයේ සිදුවන නීති විරෝධි, අනීතික සිදුවිම් මාධ්‍යට වාර්තා කළ නොහැකි බවය.

ඒ් නිසා හදිසි නීතිය ඉවත් කළ යුතු යැයි කියන තැනට සමාජය එක් විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ හදිසි නීතියේ බලපෑම යන මැයෙන්  සුම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. මෙය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුණි.

ශානි

Social Sharing
නවතම