වෘත්තිය සමිති විසින් සති දෙකකට රට ලොක්ඩවුන් කිරිමේ සුදානමක්!

ආණ්ඩුව රට ලොක් ඩවුන් නොකරන්නේනම්,  ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව වෘත්තීය සමිති සමිති එකමුතුව පවසයි.

මහජනතාව  අනවශ්‍ය නිරාවරණයකට ලක් නොකොට, “ශ්‍රී ලාංකේය කොවිඩ් නව ප්‍රබේදය” නිර්මාණය කරන තුරු බලා නොඉද,  සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව  වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

අවම වශයෙන්   දින 10 ක්  විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන ලෙසත් එය සාර්ථක කර ගැනීමට නම්  එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන ලෙසත්, ආසාදිතයින් වෙන් කර සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන ලෙසත් මෙම එකමුතුව රජයෙන් ඉල්ලා සිටියි.

තවද රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කිරිමත්, අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තැබීමටත්,  විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම් කළ යුතු බවත් එම කාලය තුල සංචාරකයින් ගෙන්වීමෙන් වලකින ලෙසද ඉල්ලා සිටියි.

සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වීමත්, රට තුල හමුවන රෝගීන්ගේ ප්‍රමාණය අනූව කොළ, තැඹිලි, රතු කලාප හදුනා ගැනීම සහ කොළ- තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩි දියුණු කරමින්  ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් රජයට දන්වා සිටියි.

ශානි

 

Social Sharing
නවතම