කොයි විදිහේ මර්ධනයකට වුවත් සූදානම් වුනත් – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

කොතලාවල පනත සංශෝධන සහිතව පැමිණියත් කිසිසේත්ම එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් මහතා පවසයි.

මේ පනතට එරෙහිව නැඟී සිටින එකෙකු දෙදෙනෙක් නොව දහසක් අත්අඩංගුවට ගත්තද,මර්ධනය කෙබඳු වූවද” සිය අරගලය අත්නොහරින බවත් ඒ වෙනුවෙන් ඕනෑම පාර්ශ්වයක් සමඟ එක්වීමට සූදානම් බවත් ඔහු කියා සිටියි.

පනත සඳහා ඡන්ද විමසීම කල් දැමුවද තමන් සිය අරගලය කිසිසේත්ම දුර්වල වීමට ඉඩ නොතබන බවත් එම කාලය තුල අරගලය වඩාත් තීව්‍ර කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මෙම පනතට එරෙහිව කොළඹදී සිදු කළ පාගමන අවස්ථාවේදීය .මෙහිදි අදහස් දැක් වු දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විපුල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ වසර කිහිපයකට පෙර සයීටම් හොර උපාධි කඩයට එරෙහිව සටන් කිරීමට මෙම ස්ථානයට පැමිණි තමාට නැවත එබඳුම භයානක පනතට එරෙහිව සටන් කිරීමට මෙම ස්ථානයටම පැමිණීමට සිදුවීම කණගාටුවට කරුණක් බවය.

කොතලාවල පනත යනු විෂ සහිත කේක් ගෙඩියක් බවත්,එම විෂ සහිත කේක් ගෙඩියට කවර වර්ගයේ “අයිසිං” මතුපිටින් එකතු කලද එහි විෂ සහිත බව අඩු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය. එමනිසා සංශෝධන සහිතව හෝ රහිතව ගෙනෙන මෙම පනතට තමන් එරෙහිවන බව සභාපතිවරයා ප්‍රකාශ කලේය.

ශානි

Social Sharing
නවතම