රටේ ආර්ථිකය ගොඩගන්න ආර්ථික විශේෂඥයින් මුලින්ම ජිවත්ව සිටිය යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කර සියලු සේවකයින් කැඳවිම  ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් වුවත් පවතින තත්ත්වය හමුවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයින් සහ සෙසු අය මුලින්ම ජීවතුන් අතර සිටිය යුතු බවය.

වර්තමාන වසංගත තත්ත්වය හමුවේ ආරක්‍ෂිත ස්ථානයක් වන තුරු මිස කිසිදු සංචාරකයෙකු අප රටට නොපැමිණෙන බවද එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ වනවිට කොරෝනා රෝගීන් වැඩි වැඩියෙන් හමුවන අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි ද  පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසන්නේ  රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම මට්ටමට ළඟාවී ඇති බවය.

වාර්තා වන කොවිඩ්  රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයාම දැඩි අනතුරුදායක තත්වයක් බවද මෙම නිවේදනයෙන් වැඩිදුරටත් කියා ඇත.

පහත දැක්වෙන්නේ එම නිවේදනය වේ.

Social Sharing
නවතම