නවසීලන්ත මානව හිමිකම් කොමිසමෙන් නිවාස අර්බුද ගැන පරික්ෂණයක්

නවසීලන්තයේ මානව හිමිකම් කොමිෂන් එරටේ නිවාස අර්බුදය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

නවසීලන්ත රජයන් ඉතා වැදගත් මානව අයිතියක් සඳහා අත්සන් කර ඇත. ඒ් සැමටම  යහපත් නිවසක් සඳහා ඇති අයිතිය පිලිබඳවය. සෑම කෙනෙකුටම යහපත් නිවසක ජීවත් වීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය  කරන බවට පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් පොරොන්දු වූ නමුත් එය සිදු වී නැත. බලයට පත් වු ආණ්ඩු නවසීලන්ත වැසියන්ට මේ අයිතිය ලබා දීමට අසමත් වී ඇත.

නවසීලන්තයේ මානව හිමිකම් කොමිෂමේ ප්‍රධාන මානව හිමිකම් කොමසාරිස් පෝල් හන්ට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ “බොහෝ දෙනෙකුට, විශේෂයෙන් තරුණයින්ට, දරා ගත හැකි, සෞඛ්‍ය සම්පන්න, ප්‍රවේශ විය හැකි නිවසක් ලබා ගැනීමේ ඉලක්කය ඇත්තෙන්ම සිහිනයක් වී ඇති බවය. . ජීවිත හා ප්‍රජාවන් හිරිහැරයට පත් කරන මෙම දැවැන්ත මානව හිමිකම් අසාර්ථකත්වයේ වගකීම මෙම බලයට පත් වු  ආන්ඩු දරන බව ඔහු පවසයි.

ප්‍රාග්ධනයට ලාභ ප්‍රවේශය සහ ඉතා අඩු පොලී අනුපාත සමඟ දේපල මිල ගණන් පසුගිය වසර තුළ සියයට 30 කින් ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.  පවුල් තැබීමට රජයට ප්‍රමාණවත් තරම් නිවාස නොමැති හෙයින්, මොටල් වැනි ස්ථානවල රැකවරණ සෙවීමට පුද්ගලයින් පෙළඹී ඇත.

විදෙස් පුවත් ඇසුරිනි.

ශානි

Social Sharing
නවතම විදෙස්