රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අධිකරණයේදී ප්‍රකාශ කළ බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කරයි. පාස්කු ප්‍රහාරයට අදාළව පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකළ නඩුව අද විභාගයට ගැනීමේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මෙම විනිසුරුවරයා ඉහත සඳහන ප්‍රකාශ කර ඇත. මෙවැනි සංවේදී සිද්ධියක් මත පදනම්ව සාක්කි නොමැතිව පුද්ගලයකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාම කළ නොහැකි බව ද, යම් පුද්ගලයෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමේදී…
Read MoreTag: zahran hashim
පාස්කු බූමරංගයට වීසිකළ පූජිත්-හේමසිරි ගැලවෙයි
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඟා ඇති සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නයැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන විනිසුරුවරුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, මීට ප්‍රථම මෙම චෝදනාවලටම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරයේ නඩුවෙ විත්තියේ සාක්ෂි විමසීමකින් තොරව නිදහස් කරන්නේද…
Read Moreපූජිත්ට එරෙහිව ගෙනා ලේඛන පූජිත්ගේ පිහිටට
පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබුණු බුද්ධි වාර්තා ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න ඊයේ අධිකරණය හමුවට කැඳවා තිබුණ අතර එහිදී අධිකරණය ඉදිරියේ අනාවරණය වී ඇත්තේ මෙම ලේඛන බොහෝමයකට හිටපු පොලිස්පතිවරයා ක්‍රියාමාර්ග ගන්න යැයි සටහන් යොදා ඇති බවය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති නඩුව පසුගිය 19 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල…
Read Moreසහරාන්ට පඩි ගෙවූ අයගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි!
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු පිළිබඳව හොඳින්ම දන්නා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ මන්දැයි ඒ වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබේ. මිනිස් ජීවිත 250 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් හෂීම් පිළිබදව සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ හිටපු ආරක්ෂක ලේකම් වරයකුද වූ, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව කාන්තා සංවිධානයක් ප්‍රකාශ කරයි. “මොකද, එවකට ඒ ආණ්ඩුව විසින් පිළි ගත්තා සහරාන්ට පඩි ගෙව්වා. සහරාන් බුද්ධි තොරතුරු ලබා දුන්නා. ඒකියන්නේ සහරාන් ගැන මේ අය දැනුවත් ” යයි යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සාමාජිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල…
Read More“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.
මේ වන විට කොවිඩ් වෛරසය සමාජයේ අතිශයින් අවදානම් ක්ෂේත්‍රයන්ට පැතිරී ඇති බව නොරහසක්. ඇගළුම් කම්හල්, කොළඹ ජනඝනත්වය අතිශයින් ඉහළ මහල් නිවාස, පොලීසිය හා බන්ධනාගාර යන අතිශයින් අවදානම්කාරී ක්ෂේත්‍රයන් වෙත මේ වන විටත් වෛරසය ඇතුල් වී අවසන්. රජය මෙම තත්වය පාලනය කිරීමට දැඩි උත්සහයක් දැරුවද මෙම වෛරසයට ආවේණික ලක්ෂණ නිසාත් ඇතැම් දුර්වලතා හේතුවෙන්ද එය පසුගිය වතාවේ මෙන් පාලනය කිරීම මේ වන විට අසීරු තත්වයකට පත් වී තිබේ. ජනමාධ්‍යවල මෙන්ම පොදු සමාජයේත් මේ වන විට ඉහත කී අවදානම් ක්ෂේත්‍රයන් අතරින් ඇගළුම් කම්හල්, මහල් නිවාස, හා පොලීසිය යන අංශ කෙරෙහි අවධානය යොමු වී…
Read More