කෝවිඩ් – 19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප‍්‍රමාණවත් නැත!

katunayaka

හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා ඇඟළුම් අංශ සේවකයින් පිළිබඳව වූ කතා ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සෝචනීය තත්ත්වය පිළිබඳව හඬ නැගීමට අනේකවිධ හවුල් කටුනායකත්, කොළඹත් බිහි වී ඇති අතර ඉන් සමහරකට කම්හල්වල සාමාජිකත්වයක් හෝ ඇත්තේ නැත. වසංගතය හමුවේ බොහෝ කලාපීය සේවක සේවිකාවන්ද මෙවැනි අසීරුකම් වලට හා ජීවිත තර්ජන වලට මුහුණ දෙන හෙයින් මේ කතා කලාපීය විරෝධතා වලටද ඇතුළුව ඇත. තමන්…

Read More

කොවිඩ් සිව් වැනි රැල්ලක් අත ළඟ – GMOA

මාරාන්තික කොවිඩ් වසංගතයේ  දරුණු ප්‍රභේද ඉදිරියේදී තවදුරටත් ඇතිවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුමාන කර සිටියි. “කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබූ වුහාන් ප්‍රභේදයට වඩා වරින් වර ඉස්මතු වූ ඇල්ෆා ප්‍රභේදය සහ ඩෙල්ටා ප්‍රභේදය ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු විය. ඒ අනුව අපට අනුමාන කළ හැක්කේ අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේද ඇතිවිය හැකි බවය.” එම අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වැනි රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම, වැළැක්වීම නොහැකි බව එම සංගමය කියා සිටියි. රජයේ වෛද්‍ය…

Read More

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක

කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ සංගම් එක  හඩින් පවසන්නේ මේ තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් විය හැකි බවයි. ඒ නිසා මේ සියළු දෙනා එකහඩින් පවසන්නේ මෙම තත්ත්වය යම් දුරකට හෝ පාලනය කිරීම සදහා රට වසා දැමීම හෝ දැඩි සංචරණ සීමා දැමීම වහාම කළ යුතු බවයි. පසුගිය සති දෙක තුන තුළ දී…

Read More

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරසය ලංකාවට පැමිණීමේ අවධානමක්?

New Covid virus in Britain

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය  මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති අතර  රටවල් 40 ක පමණ එක්සත් රාජධානිය සමඟ ගුවන් සබඳතා අත්හිටුවා ඇත. මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසය මෙන් 70 ගුණයක් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවයි බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් පවසයි. මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වන විට වාර්තා වී ඇත. ඇතිවී තිබෙන නව තර්ජනය හමුවේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සෞදි අරාබිය, ඉන්දියාව, බෙල්ජියම, පෝලන්තය, ඔස්ට්‍රියා, ෆින්ලන්තය, බල්ගේරියාව ඇතුළු රටවල්…

Read More

ඉන්දියාවේ ‘අභිරහස්’ රෝගයක්!

ඉන්දියාවේ 'අභිරහස්' රෝගයක්!

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ‘අභිරහස් රෝගයක්’ වාර්තා වීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වහාම එම ප්‍රදේශය වෙත යැවීමට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. මෙම රෝග තත්වයට ගොදුරුවීමෙන් සිය ගණනක් රෝහල් ගත කර ඇති අතර එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙම රෝගීන්ට වමනය, ක්ලාන්තය, ඇඟ වෙව්ලීම ඇතුළු පුළුල් පරාසයක රෝගී ලක්ෂණ මතු වී ඇති බව වෛද්‍යවරු පවසති. ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කියා සිටියේ මෙම රෝගීන්ගේ රුධිරයේ ඊයම් සහ නිකල් ඉහළ ප්‍රමාණයක් පවතින බව මූලික රුධිර පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවය. මේ වන විට රෝගීන් 500ක් පමණ රෝහල් කරා…

Read More

ඇද වැටී මිය යාම් දෙකක්.. කොවිඩ් දැයි සැකයක්..

හදිසි මිය යාම් දෙකක්.. කොවිඩ් දැයි සැකයක්..

නිරෝධායනයට යොමු කර සිටි හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරයි. ඒම දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බව ද පැවසේ. ඒමෙන්ම, කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාළු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටිය දී ඇද වැටී මිය ගොස් තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒම මරණය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි. මේ අතර, ඊයේ දිනයේ (25) හදුනාගත් නව කොරෝනා ආසදිතයින් 502 දෙනා සමග ලංකාවේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 21,469 දක්වා ඉහල ගොස් තිබේ. මින් රෝගීන්…

Read More