අපි සමස්තයම කිලුටු කරගත්ත ජාතියක්!

Cultural and political issues in sri lanka Filmmaker Sudath Mahadiulwewa

සිනමාවේදී සුදත් මහදිවුල්වැව ලංකාව විශාල සංස්කෘතික අර්බුදයක ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන අර්බුදයෙම තවත් පැතිකඩක් කියලා කියන්න පුළුවන්. අපි ආධ්‍යාත්මිකව විශාල අර්බුදයක කරවටක් ගිහිල්ලා ඉන්නේ. සිනමාවට හෝ වෙනත් දෘශ්‍ය කලාවකට පුළුවන්ද? මේකට කුඩා හෝ පහන් එළියක් දල්වන්න. මම හිතනවා ඒකට පිළිතුර සොයද්දී තමයි, අපි හිටගෙන ඉන්න පොළොව කොහෙද කියලා අපිට පේන්න පටන් ගන්නෙ. මම දකින්නෙ අපි අපේ ඇස්, කන්, කට ඇතුළු මේ සමස්තයම කිලුටු කරගත්ත ජාතියක් කියලා. එතකොට කොහොමද අපි මේ කිලුටු වුණ දේවල් ටික ආයෙමත් පොහොසත් කරගන්නෙ. ඒකට අපි බලන්න ඕනෑ, දකින්න ඕනෑ. ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න ඕනෑ. ඒ…

Read More

යළි යළිත් කැලතෙන හංස විල : ශීලාචාර ශ්‍රී ලංකාව

hansa vilak film Dharmasiri Bandaranayake sinhala film

1980 වසරේ තිරගත වූ හංස විලක් චිත්‍රපටිය යළිත් ප්‍රතිසංස්කරණය කර තිර ගත කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අවුරුදු 40 කට පසුවය. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කල හංස විලක් ලංකාවේ සිනමාව තුළ සංධිස්ථානයකි. විවාහක පුරුෂයකු වන නිශ්ශංකගේ හා විවාහක ගැහැණියක වන මිරැන්ඩාගේ ජීවිතය විනාශකාරී ලෙස වෙනස් කරවන්නේ පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අතර තිබූ රහස් සම්බන්ධතාවය එළිදරව් කිරීම මගිනි. අවසානයේ යථාර්තය හා ෆැන්ටසිය අතර අතරමංවන නිශ්ශංක අතින් සිදු වන්නේ මිනීමැරුමකි. මිනිසුන්ගේ පෞද්ගලික ලිංගික හා සංස්කෘතික ජීවිතයට ශීලාචාර යැයි කියනා මිත්‍යා සංකල්පයක් පදනම් කරගනිමින් අශීලාචාර ලෙස මැදිහත් වීමෙන් මිනිස් ජීවිතයට සිදුවන…

Read More