ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම පමණක්ද?

imf

ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු ඊයේ (15) සිට තාවකාලිකව අත්හිටුවන ලදි. එසේ කිරිමට හේතු වුයේ මෙරට ඇති උග්‍ර ඩොලර් අර්බුදය නිසාය. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද මේ ඉන්ධන ගැටලුවන පිලිබඳ අවධානය යොමු වු අතර එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා ඇත්තේ මේ වනවිට ඉන්ධන ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය වන බවය. මහ බැංකුව ලබාදෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වුවත් ලබන පෙබරවාරි මාසය වනතෙක් ඉන්ධන ගෙන්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇති බවත් අමාත්‍යවරයා ඊයේ පවසා ඇත. එමෙන්ම විසඳුමක් නොලැබුණහොත් ඩොලර් අර්බුදය විසදා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග…

Read More

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි! – රනිල්

Ranil Wickremesinghe economy crisis IMF loan

විදේශ විනිමය, ආර්ථික  අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (14) පැවසීය. මෙරට විදෙස් විනිම සංචිතය ඩොලර් කෝටි 400 ක් වන අතර වසර මැදදී බැඳුම්කර ණය බේරූ විට ඉන් ඩොලර් කෝටි 100 ක් අඩු වන බවත් එවිට ඇත්තේ ඩොලර් කෝටි 300 ක් පමණක් බවද ඒ මහතා පවසයි. එසේම තෙල් සංස්ථාව නොගෙවූ බිල්පත් වල වටිනාකම ඩොලර් කෝටි 130 ක් වන අතර නමුත් මේ වන විට බැංකු වල විදේශ විනිමය නැති බවත්…

Read More

විරුද්ධවාදීන් දමනයේ විශේෂඥයා –  රනිල් වික්‍රමසිංහ

Ranil Wickremesinghe is an expert in suppressing opponents

ජූනි 23 වෙනි දිනය ලංකා දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ දිවංගත හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ගේ උපන් දිනය ලෙසයි. 2021 ජූනි 23 වෙනි දිනය නැවත දේශපාලන ඉතිහාසයට එක්වන්නේ ලංකාවේ සිටින ජේෂ්ඨතම දේශපාලඥයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත පාර්ලිමේන්තු ගමනය පිළිබඳවයි. ඔහු දිවුරුම් දෙන දිනයේ දී ඔහුට විරුද්ධව විශාල චෝදනා රැසක් කළ නොනැවතී වසර ගණනාවක් පහර දුන් සිරස නාලිකාව විසින් කොළඹ ප්‍රදේශයේ විශාල දැන්වීම් පුවරු රැසක් ප්‍රදර්ශනය කර තිබුණේ ය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට සෑහෙන කාලයක පමණ සිට පහර පිට පහර දුන් මහින්ද රාජපක්ෂවාදී, වාමාංශික යැයි හැඳින්වෙන කඳවුරේ පුරෝගාමී…

Read More

ශ්‍රී ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ශ්රීය ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් - ආචාර්ය ඉන්දි අකුරුගොඩ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම, ලාංකීය දේශපාලනය මෙතරම් කැළඹීමට ලක් කර තිබෙන්නේ ඇයි? ප්‍රතිපත්තිගරුක දේශපාලනය සහ ප්‍රශස්ත රාජ්‍ය තාන්ත්‍රිකභාවය තවමත් ජනප්‍රිය තලයේ ලාංකීය දේශපාලන වපසරියෙන් පරිබාහිරව පවතින්නකි. ගිරිය පුප්පා වේදිකා දෙවනත් කරමින්, ඉටු කළ නොහැකි දේශපාලන පොරොන්දු දීමත්, වර්ගෝත්තමවාදය හෝ ආගම්වාදය වපුරා ජනතාව කුපිත කිරීමත් හැරුණු විට මෙම ජනප්‍රිය තලයේ දේශපාලනයේ ඉලක්කය වන්නේ කෙටි කාලීනව ජනමතය මුලා කර අවස්ථාවාදී අරමුණු සඵල කර ගැනීමයි. දුටු තැන දරුවන් වඩා ගැනීමටත්, කාන්තාවන් සන්තර්පණය කිරීමටත්, දූෂිතයන්ගේ කරට අත දා ගැනීමටත් බොහෝ ලාංකීය දේශපාලකයන්ට සිදුවන්නේ එහෙයිනි.…

Read More