කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී දැඩි පීඩනයක්….?

Intense pressure at Covid treatment centers sri lanka

කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලට නිදහස් ඇඟලුම් සේවක සේවිකාවන් ද ගොදුරු වෙමින් සිටින්නේ සීඝ්‍රයෙනි. මේ වන විට දිවයින් පුරා තිබෙන ඇඟලුම් කම්හල්, කර්මාන්තශාලා රැසක සේවක සේවිකාවන්ට කොවිඩ් ආසාදනය වී ඇත. දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේද මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. එහිදී හෙළි වූයේ සේවක සේවිකාවන් අසනීපව සිටියදීත් වැඩ ගත් බවය. මේ සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විමර්ශන ආරම්භ කළද අද වනතුරු ඒ්වාට කුමක් වූවාදැයි රට්ටු දන්නේ නැත. එවන් පසුබිමක කොවිඩ් තෙවැනි රැල්ලත් පැමිණ සේවක සේවිකාවන් ගොදුරු කර ගනිමින් ඇත. මෙහි ඇති ඛේදනීය තත්ත්වය නම් මේ ඇඟලුම් කලාප ආශ්‍රිත පොසිට්ව් වන පුද්ගලයින්ව ප්‍රතිකාර…

Read More

මාරවිල රෝහලේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් පොකුරක්!

marawila hospital covid situation ICU

කොවිඩ් වසංගතය හමුවේ මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඊට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. මේ සතිය ආරම්භය වන විට පමණක් වෛද්‍යවරු 40 ක් පමණ හා හෙද හෙදියන් 243 කු කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබුණි. දෙවැනි කොවිඩ් රැල්ලේදී රාගම රෝහලේ වෛද්‍යවරයෙකු හා රත්නපුර රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු මේ කොවිඩ් මාරයා විසින් බිලිගත්හ. නමුත් ඒ් අවස්ථාවේදී වෛරසය ආසාදනය වු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙතරම් ඉහළ ගොස් තිබුණේ නැත. වත්මන් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන අවස්ථාවේ බොහෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින්නේ අවදානම් ත්ත්වයකය. මන්ද ඔවුන්ට නිසි පරිදි ආරක්ෂාවක් අදාල බලධාරින්ගෙන් නොලැබීම නිසාය. පහුගිය දිනෙක සමස්ත ලංකා හෙද සංගමය…

Read More

කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!

Kebithigollewa Covid Prevention Unit oxygen shortage sri lanka

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට දැඩි සත්කාර ඒකකය තාවකාලිකව සකසා තිබේ. දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇඳන් පහසුකම් නොමැති වූවත් සමාන්‍ය ඇඳන් භාවිතා කර ඊට කබඩ් ලාච්චු තබා රෝගීන්ට ඔක්සිජන් ලබාගැනීමට හැකි ආකාරයට ඇඳන් සකසා තිබේ. ඒ අනුව කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ ඇඳන් හතරක් සකසා ශ්වසන අපහසුතාවය ඇති රෝගීන්ට ඔක්සිජන් ලබාදෙමින් ප්‍රතිකාර සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම් පියවර ගෙන තිබේ. වාට්ටුව තුළ…

Read More

සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!

Quarantine of Sri Lankans visiting the island

COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන්  මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19 සෞඛ්‍ය අර්බුදය තුළ රජය විසින්  සංක්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික COVID 19 ප්‍රතිචාර සැලැස්ම සකස් කොට අනුමත කරන ලද්දේ ඒ අනුවය. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයේ ආයතන හරහා සහ සංවර්ධන හවුල්කරුවන් සහ රාජ්‍ය නොවන පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයෙනි. මෙම සංක්‍රමණික සේවකයින්ගේ ක්ෂණික අවශ්‍යතා, නැවත මෙරටට ගෙන්වා ගැනීම, තිරසාරව නැවත සමාජගත කිරීම සහ නිපුණතා ලබා දීම…

Read More