“මනිවන්නන් කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” – දෙමළ මන්ත්‍රීවරු කියයි!

jaffna mayor manivannan arrested Terrorism Investigation Division

යාපනයේ නගරාධිපති වරයා මැදියම් රැයේ අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තුව තුල මහත් කෝපාවිෂ්ඨ පරිසරයක් ඇති කරනු ලැබූ අතර “මෙය ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නොවේ” යයි දෙමළ මන්ත්‍රීවරුන් විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබීය. කොටි සංවිධානය නැවත සංවිධානය කිරීමේ චෝදනා නගා අත් අඩංගුවට ගෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී. දෙමළ ජාතික සන්ධානයේ (TNA) සිවඥානම් ශ්‍රීධරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් (TNPF) මන්ත්‍රීවරුන් අද (සිකුරාදා) පාර්ලිමේන්තුවේදී තම විරෝධය පල කරමින්  කථානායකවරයාගෙන්…

Read More

ශ්‍රී ලංකාව මියන්මාරයක් කරනු එපා!

Achala senaviratha militarization in sri lanka prevention of terrorism act

රට ක්‍රමක්‍රමයෙන් මිලිටරි පාලනයක් කරා  ඇදගෙන යමින්  මියන්මාර් දේශයක් බවට පත් කරමින් සිටින බවට සිවිල් සංවිධාන වෙතින් රජයට චෝදනා එල්ල වී තිබේ. මෙම ක්‍රමවේදය රටේ ජනතාවට ඉතාමත් අහිතකර තත්වයක් නිර්මාණය කර ඇති බවට අනතුරු ඇඟවූ නීතිඥ අචලා සෙනවිරත්න ආණ්ඩුව විසින් ක්‍රියාවේ යෙදවීමට සැරසෙන නඩු නැතිව රඳවාගැනීමේ පිළිවෙත සම්බන්ධයෙන් ප්‍රමාණවත් විරෝධයක් මතු නොවීම ගැන කනස්සල්ල පල කළාය. “අපිට නොපෙනුනාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගෙනාපු ගැසට් පත්‍රය  අපි කිසි කෙනෙක්ගේ ඒ ගැන අවධානයක් යොමු වෙලා නෑ. නමුත් බලන්න ඒ ගැසට් පත්‍රය අරගෙන ඒ ගැසට් පත්‍රය හරහා වසරක කාලයක් අධිකරණයකට ඉදිරිපත් නොකර පවා තබා…

Read More

ආගමික අන්තවාදීන් වෙනුවෙන් අති විශේෂ ගැසට්ටුවක්!

Prevention of Terrorism Act Religious extremists government gazette

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ නියෝගයන් සහිතව රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ඇත. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව පොලිස් නිලධාරියෙකු නොවන යම් තැනැත්තෙකු වෙත භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන යම් තැනැත්තෙකු එලෙස භාරවී පැය 24ක් ගතවීමට මත්තෙන් ආසන්නතම පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතුය. එමෙන්ම මෙලෙස භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානය භාර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විමර්ෂණ සිදුකිරීම කාර්ය සඳහා විෂය භාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එම විමර්ෂණ වලට අනුව…

Read More

ත්‍රස්තවාදීන්ට සහාය දක්වන සංවිධාන යළිත් – අමාත්‍ය කෙහෙළියගෙන් හෙළිදරව්වක්.

ත්‍රස්තවාදයට උපකාර කරන සංවිධාන ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යළි මතුවන  බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ වකවානුවේදී මෙන්ම අදත්  එම සංවිධානවල ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි යැයි  මහනුවර මැණික්හින්නේ දී ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිත හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. රටේ පවතින නීතියට ඔබ්බෙන් ගොස් කැලෑ නීතියක් අතට  ගැනීමට කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත් එම සංවිධාන ද තමන්ගේ සීමාව සහ වපසරිය අවබෝධ කරගනිමින් කටයුතු කරන්නේ නම් වඩා සුදුසු යැයි අමාත්‍යවරයා කීවේය. එම සීමාවන් ඉක්මවා යෑමට උත්සහ දරමින් විවිධ සංවිධාන…

Read More

දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ජනාධිපතිට සර්වාගමික ආයාචනයක්!

Appeals to President to release political prisoners

රට පුරා බන්ධනාගාර රැසක දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරේ සර්ව ආගමික නායකයන් පිරිසක් ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත්  කර තිබේ. උතුර නියෝජනය කරන බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් හය දෙනකුගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත යොමු කළ අභියාචනය මගින් ඔවුන් හෘදයාංගමව  ඉල්ලා ඇත්තේ සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙසයි. දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ මානසික තත්වය ආගමික නායකයන්ගේ හදවත් කම්පනයට පත් කර ඇති ආකාරයත් එමගින් දන්වා තිබේ. “දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් සහ ඥාතීන් අප වෙත පැමිණ කදුළු සලමින් කෙසේ හෝ ඔවුන්ව නිදහස්…

Read More