ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත. රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ඔහු සම්බන්ධයෙන් කෙරෙන ඇප ඉල්ලීමකට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 20 දා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. තමන් ඇප මත මුදා හරින ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා එම…
Read MoreTag: presidential commission on easter sunday attack
රාජපක්ෂලාට මෛත්රීපාලගේ ප්‍රජා අයිතිය මතක් වෙයි..?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව කල්පනා කරමින් සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නගරයෙන් නගරයට යමින් ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වන නිසා මෙය වහාම කළ යුතුබව පොදුජන පෙරමුණේ මතය වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුව තුළ තබාගැනීමේ උවමනාවක් පොදුජන පෙරමුණට නැති බව පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ මතය වී ඇති අතර ඒ අනුව ශ්රීලනීපයට විරුද්ධව තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා පෙළඹවීමට පොදුජන පෙරමුණ කටයුතු කරනු ඇත. මේ අනුව පාස්කු කොමිසමේ නිර්දේශ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ක්‍රියාත්මක වේවියැයි ආණ්ඩුව දෙසින් එන තොරතුරු කියාසිටී.
Read Moreදේශබන්දුලාගේ පාස්කු කන්නලව්ව සර්වාගමික දෝෂාරෝපණයට ලක් වේ!
සියගණනකට මරු කැඳවූ පාස්කූ ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිසමකින් නම් කොට ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ ජාතිවාදී හා ආගම්වාදී මගකට තල්ලු කරන්නට උත්සාහ කරන බවට සර්වාගමික නායකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. “පාස්කු ප්‍රහාර විමර්ශන කොමිෂන් සභාව විසින් නම්කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෑතකදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් පෙනී ගියේ ඔවුන් සිංහල බෞද්ධයන් වීම නිසා ඔවුන් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවයි,” යනුවෙන් කතෝලික, බෞද්ධ, හින්දු හා ඉස්ලාමීය ආගමික නායකයන් විසින් අගෝස්තු 24 නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි. ප්‍රහාරයට වගකිව…
Read More“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත. නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ…
Read Moreජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය
තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි. පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…
Read Moreපාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මීට වසර 12ට පෙර තිස් අවුරුදු යුද්ධය නිමා කළ මෙම රජය, ත්රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පවසයි. 2019 වසරේ ලෝකයේ එල්ල වූ දරුණුම ප්රහාරයන්ගෙන් එකක් වන්නේ පාස්කු ප්‍රහාරය බවත් නඩු පැවරීමේ කටයුතු ඉතා සූක්ෂම…
Read More“පාස්කු ප්‍රහාරය” මීළඟට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරත්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුව වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද තවම ඒ පිලිබඳ ඇත්තේ උණුසුම් කථා බහකි. මේ ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට ඔවුන්ගේ වාර්තාව ලබා දී ඇත. එමෙන්ම මේ සම්බනධ පොලිසීයේ විමර්ශන පිලිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පහුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද කළේය. කාදිනල් හිමියන්ද එක හඬින් ඉල්ලා සිටින්නේ මේ ප්‍රහාරයට වගකිව යුත්තට දඩුවම් පමුණුවා අගතියට පත් පිරිසට සාධාරණයක් ඉටු කරන ලෙසය. මෙවන් පසුබිමක් තුල පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ මාතෘකාව දේශපාලන වේදිකාවේ උණුසුම් වී ඇත. එහිදී එකිනෙකා එකිනෙකාට චෝදනා කර ගනිමින්…
Read Moreනම් ඈදෙන පාස්කු ප්‍රහාර ගැන CID විමර්ශන
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉකුත් (09) දා ප්‍රකාශයක් කර තිබුණේය. මේ ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සමස්ත ලංකා මහජන කොන්ග්රස් පක්ෂ නායක රිෂාඩ් බතියුදීන් මහතා ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා හිතාමතා සාවද්‍ය චෝදනාවක් සමාජගත කරමින් සිදුකළ කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනුවත්ව සමාජය නොමගට…
Read More