ඔමික්‍රෝන් සුනාමිය ලංකාවටත් …!

Omicron virus in Sri Lanka

ආසාදිතයන් 182කගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් එම සාම්පල 160ක ඔමික්‍රෝන් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‍යේෂනයකින් අනාවරණය වෙයි. මෙම නියැදිය අනුව ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරනබව සමාජ මාධ්‍ය වාර්තා කරයි. මෙම අධ්‍යයනය අනුව රට පුරාම ඔමික්‍රෝන් සුනාමියක් සේ ව්‍යාප්ත වෙමින් ඇති බව සිතිය හැකියැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි. යුරෝපය තුළත් මේවනවිට මෙම කොවිඩ් ප්‍රබේදය සුනාමියක් සේ ව්‍යාප්තවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. එය දැන් ලෝකය පුරාම හෙම්බිරිස්සාව සේ සාමාන්‍යකරණය වෙමින් ඇත.

Read More

සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO

omicron in european countries

ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙනු ඇති බවත් ඒ අනුව යුරෝපයේ ජනග්‍රහනයෙන් අඩකට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය වැළඳිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛද්‍ය හෑන්ස් ක්ලූගේ පවසන ආකාරයට බටහිර සිට නැගෙනහිරට උදම් රළක් මෙන් කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙයි. 2022 නව වසරේ මුල් සතිය වන විට ආසාදිතයන් මිලියන 07ක් වාර්තා වී ඇති අතර මෙම තත්වය අනුව මීළඟ සති දෙක ඇතුළත ආසාදිතයන් දෙගුණයක් වනු ඇතැයි ඔවුන් පවසා සිටී. තවද සති 6ත් 8ත් ඇතුළත සෑම ප්‍රාන්තයකම ජනගහනයෙන් 50%කට මෙම වෛරසය ආසාදනය වනු…

Read More

ආයෙත් ලොව පුරා කොවිඩ් රැල්ලක්!

new covid wave in sri lanka

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රබේද නිසා වර්තමානයේ නැවතත් ලොව පුරාම දරුණු කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ග්‍රෙබ්‍රියෙසස් අනතුරු අඟවයි. ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට නැවතත් කොවිඩ් රෝගීන් ගණන විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර යුරෝපයේ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රංශයෙනි. එම සංඛ්‍යාව  208,000. මීට අමතරව යුරෝපයේ සෙසුරටවලද විශේෂයෙන් ඩෙන්මාර්කයේ, පෘතුගාලයේ, බ්‍රිතාන්‍යයේ කොවිඩ් රෝගීන් විශාල ලෙස වාර්තා වෙමින් ඇත. ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව ලොව පුරා පර්‍යේෂණයේ නිරත විද්වතුන්ගේ මතය වී ඇත්තේ ඔමික්‍රෝන් ඩෙල්ටා ප්‍රභේදය තරම් අසාධ්‍ය නොවුනද, එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඉතාමත්ම සීඝ්‍රයෙන්…

Read More

ඔමික්‍රෝන් අඩපන කරන්න එන්නතක්

An injection to deplete omicron

කොවිඩ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. ”අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි” යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ඇස්ටාසෙනකා’ යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘කොවිඩ් 19’ සඳහා…

Read More