අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ  විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත. මෙසේ ඇප මත මුදා හැරුනේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශය සභා සභික පොදුජන පෙරමුණේ මන්‍ත්‍රීවරයෙකු වන අමිල කුමාරසිංහ  මහතා හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන දුලන්ත රාජපක්ෂ මහතාවය. බන්ධනාගාරයේදි සිදු කෙරුණු අමානුෂික පහර දිම හේතුවෙන් මේ වන විට දුලන්ත රාජපක්ෂ සිටින්නේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් වන…

Read More

ඇමති ලොහාන් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කළ බවට සිරකරුවන් තහවුරු කළා – පා.ම. මනෝ ගනේෂන්

lohan

ලොහාන් අමාත්‍යවරයා බීමතින් පැමිණ  පිස්තෝලය හිසට තබා තර්ජනය කළ බවත් හදිසියේ පිස්තෝලය පත්තු වුවා නම් එල්.ටී.ටී.ඊ සිරකරුවෝ තුවක්කුව උදුරගෙන වෙඩි තබාගෙන මැරුණා කියා කථාවක් හදන්න තිබුණා යැයි සිරකරුවන් පැවසු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසකට තර්ජනය කර අඩම්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (18) සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු පැමිණ තිබුණි. එහිදි  බන්ධනාගාර අධිකාරියට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමත් සමග බන්ධනාගාර අධිකාරිය ඉදිරිපිට උනුසුම් කාරි තත්වයක් ඇති විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රෝහන බණ්ඩාර,  වෛද්‍ය කාවින්ද බණ්ඩාර හා අනුරාධපුර…

Read More

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

anuradahapura prison

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර ඉදිරිපිටදීය. බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ උපරිම සිර (මැක්සිමම්) මැදිරියේ රදවා සිටි LTTE සැකකරුවන්ගේ පරිසක් අතර සිටි රැදවියෙකුගේ හිසට පිස්තෝලක් එල්ලකළ සිදුවීම සමග එම සැකකරුවන්ගේ දුක සැප විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ. පැමිණි මුල් අවස්ථාවේදී  එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට…

Read More

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය – අජිත් පැරකුම් ජයසිංහ

political prisoners in sri lanka

අජිත් පැරකුම් ජයසිංහ දැනට බන්ධනාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පසුගිය 10දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ. මේ පිරිසට වඩා විනාශකාරී ක්‍රියා කළ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් වසරක කාලයක් පුනරුත්ථාපනය වී නිවෙස්වල සිටීමත් බන්ධනාගාරවල සිටින පිරිස වසර දහයකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින නිසාත් ඔවුන්ව පොදු සමාවක් යටතේ නිදහස් කිරීම සාධාරණ බව සංගරී මහතා විසින් යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ. පොදු සමාව ලබාදීමේ බලය සහිත ජනාධිපතිවරයාට ලිපියක් නොලියා අගමැතිවරයාට ලිපියක්…

Read More

මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් අධීක්ෂණයට අවසර!

Supervision of suspects magistrate in sri lanka

යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාශයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක්වරක්වත් පැමිණීමට අදාල මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස්කර ඇති අතර එකී පනත් කෙටුම්පත  රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රී මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මීට පෙර මහේස්ත්‍රාත්වරයෙකු අදාල…

Read More

වාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?

Did the Wariyapola detainee escape? Released by mistake?

වාරියපොල, ගිනිපෙන්දේගම පදිංචි පුද්ගලයෙකු මෙලෙස වැරදීමකින් එළියට දමා ඇත. කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වුවෙක් වු මොහු ඉකුත් 25 දා පොදු සමාව යටතේ රැඳවුවන් පිරිසක් නිදහස් කිරීමේදී මොහුත් නිදහස් කර ඇත්තේ වැරදීමකින් බව වාරියපොල පොලිසිය අධිකරණයට දන්වා සිටි බව එම ප්‍රවෘත්තියේ සඳහන් විය. වාරියපොල පොලිසිය විසින් මෙම රැඳවියාව නැවත අත්තඅඩංගුවට ගෙන පහුගිය 03 දා වාරියපොල දිසා විනිසුරු වෙත ඉදිරිපත් කර තිබු අතර එහිදී මොහුව දින 14 ක් කුලියාපිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කර වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බාර දෙන ලෙස නියෝග කළ බව එම ප්‍රවෘත්තියේ වැඩිදරටත්…

Read More

බන්ධනාගාරයේ රැදවියන්ගේ විරෝධය දිගටම

Prissoners rights campaign

කොවිඩ් ආසාධිතය සිරකරුවන් ගේ සමීපතමයින්  නිරෝධයනය කිරීම සදහා අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන ඒමට සුදානමක් ඇතැයි පවසමින් අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවය අද (24) දහවල් වෙන තුරුත් පැවැත්විණි. මේ වන විට රැදවියන් 15 දෙනෙකු A සිරමැදිරියේ හා c සිරමැදිරියේ වහලවල් මතට නැඟ සිටින බව බන්ධනාගාර තොරතුරුවලින් කියැවේ. ඊයේ දිනයේදී අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක යෙදී සිට ඇති අතර පසුව බන්ධනාගාර නිළධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් ආහාර ලබා ගත් බව පැවසේ.ඉන් අනතුරුව ඊයේ සවස 05 ට පමණ රැදවියන් පිරිසක් සිර මැදිරි වල වහලවල් මතට නැඟ විරෝධය පළ කරමින්…

Read More