‘සල්ලි අච්චු ගහන්න වෙනවා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Money has to be printed Prime Minister Ranil Wickremesinghe

දැනට සල්ලි අච්චු ගහන්න වෙන බවත් සල්ලි අච්චු නොගැසුවොත් රාජ්‍ය සේවක පඩි ගෙවන්නට බැරිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටී. දැනට රුපියල් ට්‍රිලියන 3ක මුදලක් අච්චු ගසා ඇති බවත්, විදේශ සංචිත සිඳී ඇති බවත් ප්‍රකාශ කළ ඒ මහතා පසුගිය ආණ්ඩුව බොරු කියූ බවද ප්‍රකාශ කළේය. ගෝඨාගෝගම තවදුරටත් පැවතිය යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා තමන්ට බහුතරය නැතත් සියල්ලෝම එකතුකරගෙන මෙම ආර්ථික අර්බුදය විසඳා ජනතාවට තුන්වේල කන්න පුලුවන් පරිසරයක් හදන බව, පෝලිම් යුගය අවසන් කරන බව ප්‍රකාශ කරයි. තමන් 2002 දී චන්ද්‍රිකා සමග වැඩ…

Read More

විදුලිය දෙවියන්ට භාරයි, බලාගාර බිඳවැටේ..!

Power crisis Power plants collapse dollar crisis in sri lanka

රට තුළ උද්ගත විදුලි අර්බූදයෙන් ගොඩ එන්නට එක පහනක් හෝ නිවාදමන්නැයි ආණ්ඩුව දැන්වීම් පළකරන විට දිවයිනේ බලාගාර කිහිපයක් එක එක හේතුන් මත ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පසුගිය 12 දා රාත්‍රියේ කෙවරලපිටිය වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති අතර එය තවමත් ජාතික පද්ධතිය හා එකතු කිරීමට හැකි වී නැත. කැළණිතිස්ස සෝජිට්ස් බලාගාරය ද එම රාත්‍රියේම හදිසියේ බිඳවැටී ඇති අතර මේ වනවිට එය අලුත්වැඩියා කර නැවතත් පද්ධතියට එකතු කර ඇත. ඉන්ධන නොමැති වීම හේතුවෙන් තුල්හිරිය විදුලි බලාගාරයේ කටයුතු ඊයේ රාත්‍රියේ සිට නවතා දමා ඇති…

Read More

ඩොලර් අර්බුදය උග්‍රයි, විදුලියත් කැපේ, පානුත් නෑ

Sri Lanka's dollar crisis deepens

ඛනිජ තෙල් සංස්ථාව තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නොදීම නිසා රට පුරාම පැයක කාලයක් විදුලිය අත්හිටුවීමට සිදුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි. ආණ්ඩුවට බොරතෙල් මිලට ගැනීම සඳහා ඩොලර් නැතිවීමේ තත්ත්වය නිසා මෙම තත්ත්වය උදාවී ඇති අතර මෙම ඩොලර් හිඟය තිරිඟු පිටි ආනයනයටද බලපා ඇතැයි දැනගන්නට ඇත. දැනට රජය සතු සීමිත විදෙස් සංචිත ප්‍රමානය මීළඟ ණයවාරිකය ගෙවාදැමීම සඳහා රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් නිදහස් කර නැත. මේ තත්ත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපිරි බහාලුම් වරායේ ගොඩගැසී ඇත. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට…

Read More

අච්චුගහලා සල්ලි බෙදුවට ඩොලර් නෑ!

ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ආදී තෝරාගත් අංශයන් සඳහා ආර්ථික සහන ලබාදුන්නත් ඩොලර් හිඟය තවදුරටත් පවතින නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තවදුරටත් බලපෑම් සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි. මේ තත්ත්වය තුළ පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ලිට්‍රෝ ගෑස් සමාගම මෑතකම ලබාගත් ගෑස් තොගය ණය පදනම මත ලබාගෙන ඇති බවය. ගෑස් මෙට්‍රික් ටොන් 3200ක් මෙලෙස ණය පදනම මත ගොඩබාන්න කටයුතු කර ඇති අතර එය එසේ කරගැනීමට නොහැකිවුණානම් දැනට පවතින ගෑස් හිඟය තවදුරටත් උග්‍ර වන්නට ඉඩ තිබුණ බව එම සමාගම මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි. බැංකු වලින් ණයවර ලිපි නිකුත් නොකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති අතර…

Read More

දෙසැම්බර 31 දා බිලියන හය හමාරක් අච්චු ගහලා – රජිත් කීර්ති තෙන්නකෝන්

money printing in sri lanka

පසුගිය දෙසැම්බර 31 දා රුපියල් බිලියන හය හමාරක මුදල් නෝට්ටු අච්චු ගසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුළ ආණ්ඩුව අච්චු ගැසූ මුලු මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33) ක් බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පහුවදා, මෙහෙම සල්ලි අච්චු ගැසීමෙන් වෙන්නේ දැන් ගුවන්ගත වෙලා තියෙන බඩු මිල, රොකට් ගත වීම බව ප්‍රකාශ කරන ඒ මහතා පසුගිය වසර…

Read More