මද්‍රසා පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතයද? ජිනවංශ හිමියන් විමසයි.

G. L. Peiris & Budugala Jinawansa Thero

මද්‍රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල් පීරිස් මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේ  ආණ්ඩුවේ මතයමද? යන්න හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් උන් වහන්සේ මේ බව විමසා ඇත. පාර්ලිමේන්තුවේ දි කාවින්ද ජයවර්ධන මන්ත්‍රිතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, මද්‍රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල,පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල්.…

Read More

හෙට සිට පාසල් යන දරුවන් ආරක්ෂිතද?

Opening of schools in the event of a corona epidemic

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට (23)  සිට පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ සිසුන් සදහා පාසල් විවෘත කරන බවය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේද නිසි ක‍්‍රමවේද යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කළ බවකි. නමුත් බොහෝ දෙමාපියන්ට ඇති ගැටලුවක් වන්නේ දරුවන් පාසල් යැවීමට තරම් පසුබිම ආරක්ෂිතද? යන්නයි. කොවිඩ් වසංගතය මැද පහුගියදා උසස් පෙළ විභාගයද පැවැත්වූ අතර එහිදීද රජය ප්‍රකාශ කළේ දරුවන්ට ආරක්ෂිතව විභාගයට…

Read More