බන්ධනාගාර සිද්ධිය පිලිබඳ පොලිසියේ නිහඬ බව ඇදහිය නොහැකි කරුණක් – මාර්තු 12 ව්‍යාපාරය

march 12

ගෝලීය ව්‍යසනයක් අභිමුව සිටින මොහොතක රටෙහි පාලකයන්ගේ වගකීම රටවැසියන් කෙරෙහි යොමුකිරීමට සමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී ඒ කෙරෙහි තමන් සතු කැපවීම කෙතරම් දැයි ජනතාවට ප්‍රදර්ශනය කිරීම නමුත්  ඊට ප්‍රතිපක්ෂව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන ආකාරයේ  හැසිරීමක් පළකරන යමෙක් වේද එකී පුද්ගලයා පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීම අදාළ රාජ්‍ය නායකයන්ගේ හා පක්‍ෂ නායකත්වයේ පරම වගකීම විය යුතු බව මාර්තු 12 ව්‍යාපාරය කියා සිටියි. ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදය පළකිරීම හා අදාළ සිදුවීම් පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක අවශ්‍යතාවය පැහැදිලි කරමින් මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් නිවේදනයක් නිකුත්…

Read More

ඇමති ලොහාන් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කළ බවට සිරකරුවන් තහවුරු කළා – පා.ම. මනෝ ගනේෂන්

lohan

ලොහාන් අමාත්‍යවරයා බීමතින් පැමිණ  පිස්තෝලය හිසට තබා තර්ජනය කළ බවත් හදිසියේ පිස්තෝලය පත්තු වුවා නම් එල්.ටී.ටී.ඊ සිරකරුවෝ තුවක්කුව උදුරගෙන වෙඩි තබාගෙන මැරුණා කියා කථාවක් හදන්න තිබුණා යැයි සිරකරුවන් පැවසු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසකට තර්ජනය කර අඩම්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (18) සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු පැමිණ තිබුණි. එහිදි  බන්ධනාගාර අධිකාරියට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමත් සමග බන්ධනාගාර අධිකාරිය ඉදිරිපිට උනුසුම් කාරි තත්වයක් ඇති විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රෝහන බණ්ඩාර,  වෛද්‍ය කාවින්ද බණ්ඩාර හා අනුරාධපුර…

Read More

ඇමති ලොහාන්, බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් CID යට පැමිණිල්ලක්!

lohan

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන් පිරිසකට මරණීය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට හා එම තොරතුරු වසන් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක යන තිදෙනා අත්අඩංගුවට ගන්නා  ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අද (16) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා හා එහි ලේකම් සුදේශ් නන්දිමාල් මහතා විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත. එම පැමිණිල්ලෙන් කියා ඇත්තේ පහුගිය සැප්තැම්බර් 12 දා සවස බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ගිය හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා දෙමළ සිරකරුවන් අට…

Read More

රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි!

hanaa singer

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට කඩා පැන කළහාකාරී ලෙස හැසීරිමේ සිද්ධිය නිසා මේ වන විට ඔහුට එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව තිබේ.. ඔහු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් වුවද ඔහු තවමත් රාජ්‍ය ඇමතිවරයෙකි. ඒ් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසටය. වැලිකඩ බන්ධනාගාරයට සුරූපීනියන් සමඟ රාත්‍රියේ එල්ලුම් ගහ බැලීමට යාමටත් වඩා මේ වන විට ලොහාන් රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනාව බරපතලය. ඒ් අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් පිරිසක් සිරකුටි වලින් එළියට ගෙන දණ ගස්සවා ඔවුන්ගේ හිසට පිස්තෝල තැබීමය. විශේෂයෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ අංක…

Read More

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

lohan

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම…

Read More

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමතිගෙන් සිරකරුවන්ට තර්ජන!

anuradhapura prison

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ආයුධ සන්නද්ධව අනුරාධපුර බන්ධනාගාරයට ගොස් උපරිම ආරක්ෂක සිර මැදිරියේ (මැක්සිමස්) රදවා සිටි අංක 140 සිරකරුගේ හිසට පිස්තෝලයක් එල්ල කිරීමට විරෝධය පලකරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා. මේ ඇමතිතුමා හරිම ප්‍රසිද්ධයි ගිණි…

Read More