පිලිප් දිසානායක 133 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පාරට පැමිණි කම්කරුවන් නිසාය. දින ගනනාවක් පැවති විරෝධතාවය පොලීසිය විසින් කෲර ලෙස මර්ධනය කරනු ලැබු නිසා ඉන් කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට වී තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය. තවත් විශාල පිරිසක් සිරබාරයට ගැනුනු අතර, ඒ සම්බන්ධව පැවති නඩු විභගයකින් පසුව තවත් කිහිප දෙනෙකු ඒල්ලා මරණු ලැබීය. එලෙස මර්ධනය කරනු ලැබූවත් ඔවුන් නැගූ හඩ ලැව්ගින්නක් මෙන්…
Read MoreTag: Labour department in sri lanka
“EPF, ETF අනතුරේ” පාඨලී කියයි…
බැංකු ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතළ අනතුරක බවත්, තැන්පත්කරුවන්ට නිකුත් කොට තිබෙන ණය වලින් 52%ක් ම ලංකා ආණ්ඩුව විසින් ලබාගෙන තිබෙන බවත්, අනෙකුත් තැන්පත්කරුවන්ට ලබා දී තිබෙන්නේ 48% ක් පමණක් බවත්, රාජ්‍ය බැංකු පද්ධතිය පතුලටම හූරා කෑමෙන් නොනැවතී ආණ්ඩුව සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්වලට ද අත තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. පසුගිය පෙබරවාරි 08 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ මූල්‍ය අර්බුදයත්, බලශක්ති අර්බුදයත්, ඉතා බරපතල තත්ත්වයකට පත්ව ඇති බවය. ‘EPF, ETF වලින් 25% ක බද්දක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ බව…
Read More“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි!
කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට ඇත්තේ වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ජාත්‍යන්තර වෙළෙඳපලට අත්වැසුම් අපනයනය කරන ප්රමුඛ පෙලේ සමාගමක් වන ATG ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ වෘත්තීය සමිති මර්දනය පිළිබඳවයි. එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥ්නප්ති උල්ලංඝනයක් බවද ජාත්‍යන්තර සමිතිය පෙන්වා දී තිබේ. මේ කම්කරු ආරවුලට මැදිහත් වී විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කරමින්…
Read MoreC 190 සම්මුතිය අහිමි ලංකාවේ ශ්‍රමිකයෝ
වැඩ කරන ලෝකයේ කාන්තාවන්ට සහ පිරිමින්ට එරෙහි හිංසනය සහ හිංසනය අවසන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සම්මුතිය සහ නිර්දේශය ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සම්මත වුයේ 2019 ජුනි 21 වන දිනය. ඒ ජිනීවා නුවරදීය. වසර දෙකක් ගත වුවද නමුත් අපේ රටේ තවමත් මේ සම්මුතිය සම්මත වී නැත. මේ සම්මුතිය බාලගිරි දෝශයට හසු වූවාක් මෙන් තවමත් අතරමඟ රැඳී ඇත. වැඩබිමේ සිදුවන හිංසනය හා ප්රචණ්ඩත්වය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින C 190 සම්මුතිය ගැන මේ වන විට මෙරට වෘත්තීය සමිති රැසක් දැනුවත් වී සිටිති. නමුත් ඔවුන්ට තවමත් මේ සම්මුතිය ලංකාවේ සම්මත කර ගැනීමට…
Read Moreසෞදියේ ශ්‍රී ලාංකික කතුන් ගෙන්වා ගැනීමට සුදානම්! – රජය
සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව රජය පවසයි. සෞදි අරාබියේ රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සෞදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා පැවසු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව එම කාන්තාවන් සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය…
Read Moreරටේ වැඩ වර්ජන පහළ වැටේ!
උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා, වෘත්තිය ක්‍රියා මාර්ග මෙරට ඉතිහාසය පුරාම පැවතුණි. සේවකයින්ගේ විවිධ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්, රජයට බලපෑම් කිරීම් වෙනුවෙන්, වෘත්තියේ සුරක්ෂිතභාවය වෙනුවෙන්, සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ සියල්ල සිදු කෙරුණි. ඇැතම් විට පවතින ආණ්ඩු පෙරලා දැමීමටද මෙ වර්ජන, විරෝධතා හේතු විය. 2015 පසු පැමිණි යහ පාලන යුගයේ විවිධ වෘත්තිය සමිති විවිධ උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා, පාගමන්, අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියා මාර්ග දියත් කළහ. නමුත් ඒ කිසිවෙකුටත් ජල ප්‍රහාරයක්, කඳුලු ගෑස් ප්‍රහාරයක් මිස කායික වධහිංසනයකට ලක් කළේ නැත. මිනිස්සු ඕනෑ තරම් විරෝධතා නඟද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිහඩව සිටීම…
Read Moreවතු කම්කරු වැටුපට අකුල් හෙලන සමාගම් වලට කම්කරු ඇමතිගෙන් රතු එළියක්!
වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම පහුගිය මාර්තු (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද සම්මත විය. ඒ අනුව ඒ සම්බන්ධ ගැසට්ටුවද නිකුත් විය. නමුත් මේ වන විට එම ගැසට්ටුව සම්බන්ධයෙන් නැවත වරක් අර්බුදයක් මතුව ඇත. ඒ වතු සමාගම් නිසාය. මෙම වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව බල ශුන්‍ය කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කිරිම මෙම අර්බුදයට හේතු වී ඇත. ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුලු සමාගම් 20 ක් විසින් ගොනු කර…
Read Moreවෘත්තිය සමිති වල පුරුෂාධිපත්‍ය අවසන් කළ යුතුයි!
ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවට අනුව 2019 වසර වන විට මෙරට ගැහැණු ශ්‍රම බලකාය 3,037,818 කි. එය 34.5% කි. 2019 වසර වන විට සේවා වියුක්තිය කාන්තාවන්ගේ 7.4% කි. එමෙන්ම කාන්තාවන් 80,985 කු විදේශගත වී තිබේ. එම වසරේදී වෘත්තිය සමිති 132 ක් ලියාපදිංචි වී ඇති අතර ක්‍රියාත්මක වෘත්තිය සමිති 1903 ක් විය. නමුත් මේ වෘත්තිය සමිති තුල කාන්තාවන්ට ලැබී ඇති ඉඩ අල්පය. වෘත්තිය සමිති බොහෝමයක් පවතින්නේ පිරිමින් පෙරමුණුකොටගෙනය. නමුත් කාන්තාවන් මෙරට අගමැති තනතුරේ සිට කම්කරුවා දක්වාම නියෝජනය වෙයි. නමුත් ඇයට වෘත්තිය සමිති වල පමණක් ලැබී ඇත්තේ ඉතාම සුලු නියෝජනයක් පමණක් වන්නේය. කම්කරු…
Read Moreවතු කම්කරුවන්ගේ සටන ජයගනියි!
වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම පසුගිය වසර පහක කාලය තුළදී ඉටු නොවී තිබූ වකවානුවක මෙය ඉටු කිරීමට ලැබීම සතුටක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක්…
Read Moreඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මින්පසු EPF/ETF මෙරටදී
ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා ගැනීම ගැනීම ද අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවේ ආයතනවල සේවය කරන ඉන්දියානුවන් සිය සේවය අවසන් කර ඉංදියාවට යන අවස්ථාවේ ගෙවූ දායක මුදල් සහ ඊට අදාල පොලිය ඔවුන්ට ලබාදීම සිදු කෙරෙන නමුත්, ඉන්දියාවේ ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉංදීය සමාජ ආරක්ෂණ අරමුදලට බැර වන දායක මුදල් එරට පවත්නා නීතියට අනුව ලබාගත හැකි වන්නේ ඔවුන්ට වයස අවුරුදු 58…
Read More