අහ්නාෆ් ජසීම්ට ශ්‍රේෂඨාධිකරණයෙන් සහනයක්!

Demands from European governments for Ahnaf jazeem release

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ  අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ නීතිඥයන්ට අධිකරණය විසින් අවසර දී තිබේ. මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි. 2020 මැයි 16 දා අත් අඩංගුවට ගෙන කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකොට පොලිසියේ රඳවා ගෙන…

Read More

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

Amendment to the Prevention of Terrorism Act gsp+ sri lanka

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන්, රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර, වෙනත් අධිකරණ බලයන් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.” ශ්‍රී ලංකා රජය සිය…

Read More

අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්!

Demands from European governments for Ahnaf jazeem release

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්අඩංගුවට ගන්නා ලද කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් නඩු නැතිව රඳවා තබාගෙන අවුරුද්දක් පිරුණු පසුගිය මාසයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් කළ ඉල්ලීමෙන් අනතුරුවය. “ජසීම් මහතා වහාම නිදහස් කරන ලෙස, එසේත් නැතිනම් සාධාරණ නඩු විභාගයක අයිතිය සහතික කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුගතව කඩිනමින් චෝදනා ගොනුකරන ලෙස ඉල්ලීම සඳහා…

Read More