කිරීමට පොරොන්දු වී සිටි බව බොහෝ දෙනා අමතක කරති. බණ්ඩාරනායක කලේ එය පැය විසිහතරක් ඇතුලත කරනවා කියමින් තමන් දෙසට රැල්ලක් ගොඩනැගීමය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන්ම එක ලෙස ඉදිරිපත් වී තිබීමෙන් මෙය මොන තරම් බලවත් සමාජ ඉල්ලීමක්ව තිබුනේ දැයි වටහා ගත හැකිය. මා බණ්ඩාරනායකව සලකන්නේ ඉතාම අවාසනාවන්ත දේශපාලන ජීවියකු ලෙසය. ඔහු මගේ වීරයකුද නොවේ. ඔහුගේ මුල් කාලීන කියුම් කෙරුම් දෙස බලන විට මට වැටහෙන්නේ ඔහු අවංක ලිබරල්වාදියකු මෙන්ම ෆෙඩරල් වාදියකුද වූ බවය. නමුත් බලය ගොඩනැංවීමේ උපක්‍රමයක් ලෙස සිංහල ජාතිකවාදය දෙසට නැඹුරු වීමට ඔහුට සිදු විය. මගේ…
Read MoreTag: වාමාංශික පක්ෂ
වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!
අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක සමාන නොවීම ඊට හේතුවයි. එසේ තිබියදී, බොහෝ කාරණා සම්බන්ධයෙන් මිනිසුන් අතරේ අද පවතින ප්රතිවිරෝධතා චිරාත් කාලයකට ඉදිරියට යන්නේ, අදාළ කාරණය පිළිබඳ (සාපේක්ෂ) වැරදි මතය සහ (සාපේක්ෂ) නිවැරදි මතය පිළිබඳ නිශ්චිත විනිශ්චයක් ඉතිරි නොකරමිනි. උදාහරණයක් වශයෙන්, යුද්ධය පිළිබඳ කාරණය ගන්න: එය, ලංකාවේ වේවා, යුක්රේනයේ වේවා, තිරශ්චීන සහ අමානුෂික දෙයකැයි බොහෝ දෙනා කටපාඩමින් කියනු ඇත. එහෙත් ඒ…
Read More“අවලස්සන ඇමරිකානුවා, රට කනවා” – උදය ගම්මන්පිළ
ඇමරිකානුවෙකු විසින් ලංකාවේ ඉරණම තීරණය කරමින් ඇතැයි ද එනිසා ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්නට සිදුවී ඇතැයි ද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි. ‘1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන ඇමරිකානුවා කියලා. සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපිට සිද්ධවෙලා තියනවා’ යැයි ප්‍රකාශ කළේ ඒ මහතා කොළඹදී පසුගිය 4 දා මාධ්‍ය හමුවක් අමතමින්…
Read Moreවිමල් ගම්මන්පිළ මහ මගට..
රට හරි මගට ගන්නට පසුගිය 2 දා රැලියක් සංවිධානය කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුර වලින් නෙරපා හැර තිබේ. මේ අනුව නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවී ඇති අතර ඒ අනුව විමල් වීරවංශ දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරය එස්.බී. දිසානායකටද ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චිට විදුලිබල අමාත්‍ය ධුරයද හිමිවී ඇත. දැනගන්නට තිබෙන ලෙස මෙම නව අමාත්‍යවරයා සහ වරිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී ඇත. මේ නව සංශෝධනය යටතේ විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ …
Read More‘මුළු රටම හරි මඟට’ තවත් කොඩිවිනයක් අද වළ දමයි..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී පැවැත්වේ. අප අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත් කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික…
Read Moreජයග්‍රහණයේ මොහොත යනුම පරාජයේ මොහොතකි!
ජාතික ජන බලවේගය ගෝලීය (වසංගත) ධනවාදයට එරෙහිව විමුක්තිවාදී ව්‍යාපෘතියක් යෝජනා කරන්නේ නැත. පසු ජාතික ප්රාග්ධනය හා එහි විවිධ ආධිපත්‍යයන් පිළිබද පැහැදිළි අවබෝධයකින් තොරය. දෘෂ්ටිවාදී අරගලයක ඇති ප්‍රමුඛත්වය අවධාරණය කරන්නේ නැත. න්‍යාය පත්‍රයක් හා වැඩපිළිවෙලක් ලෙස සමාජවාදය පිළිබද සෘජු ප්රකාශනයක් නැත. මේ කිසිවක් මා ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු වන්නේ නැත. පසුගිය දා ලැබුණු ඇරයුම මත එකී සමුළුවට මා සහභාගි වූයේද ඉහත කිසිවක් ගැන කියනු අසන්නට නොවෙයි. එය එසේම විය. ඒවා නොකියා සිටින්නට ඔවුහු උපරිමයෙන් පරිස්සම් වී සිටියහ. එවැනි අරගලකාරී දේශපාලනයකට අවැසි උද්වේගය වෙනුවෙන් ජන අරගල වාම අක්ෂයක් තිබෙයි. වාමාංශය නාමයෙන් වන…
Read Moreදයා පතිරණ ඝාතනය සහ ඉන් අප උගත යුතු පාඩම්!
හරියටම මෙයට අවුරුදු 35 කට පෙර 1986 දෙසැම්බර් 15 දින ව්‍යාජ සාකච්ඡාවක් සංවිධානය කොට කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ සහ ඔහුගේ සමීප සහෝදරයෙක් සහ මිත්‍රයෙකු වූ සෝමසිරි පුංචිරාල පැහැරගෙන යනු ලැබිය. ඒ පැහැර ගෙන යාම කරනු ලැබූවේ රාජ්‍යට සම්බන්ධ ආරක්ෂක අංශ හෝ රහස් පොලිසිය නොවේ. ජවිපෙට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසිනි. ලංකාවේ ප්රචණ්ඩ දේශපාලන ඉතිහාසයේ කළු ලකුණක් සටහන් කල මේ ක්‍රියාව පෙන්නුම් කලේ ඔබ යම්කිසි වාමාංශික දේශපාලන මතයක් දරන්නේ නම් ඔබ ප්‍රවේසම් සහගත විය යුත්තේ ධනපති රාජ්‍ය තන්ත්රයෙන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ගෙන් පමණක් නොවේ. ඔබව පැහැර …
Read More