ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂි ජනාධිපතිවරයා විසින් ම ඉදිරිපත් කර ඇති බවට බෞද්ධ සංවිධානයක් අනතුරු අඟවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතම ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවිය සංවිධානය පෙන්වා දී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ඉලක්ක කරමින් ජනාධිපති වරයා විසින් කරන ලද තර්ජනාත්මක ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව හා සේනාධිනායකයා යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂියක් බවයි. පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රි වරයෙකු වූ හරින් ප්‍රනාන්දු විසින් ජනාධිපතිගේ මුල් නම සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට…
Read MoreTag: මානව හිමිකම් කොමිසම
ලෙඩකට බෙහෙත් ඉල්ලු මිනිසුන් මරා දැමීම තරම් මිලේච්ඡ ක්‍රියාවක් නැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
පොලිසීයේ අයට, බන්ධනාගාරයේ අයට අද මිනිසුන් මරන්න පුළුවන් කියන මතය සමාජගත වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් රජයේ සහ අපගේ වගකීම යන මැයෙන් කොළඹ පැවති සංවාද මණ්ඩපයට ZOOM තාක්ෂණය ඔස්සේ එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. මෙම උත්සවය “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් මධ්‍යස්ථානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකතුව විසින් සංවිධානය කර තිබුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා මනුෂ්‍ය ඝාතන කියන්නේ අමු අමුවේ මිනී මැරීමයි. මෙවැනි තත්ත්වයක්…
Read Moreඅබ ඇටයක් තරම්වත් මිනිස් ජීවිතයක වටිනාකමක් නැති රටක අයිතිවාසිකම් රකින්නේ කොහොමද? – වෛද්‍ය තුෂ් වික්‍රමනායක
මිනිස් ජිවිතයකට ඇති වටිනාකම අබ ඇටයක තරම්වත් නැති රටක අප අයිතිවාසිකම් තහවුරු කළ යුත්තේ කෙසේදැයි ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිමෙන් කොවිඩ් පාලනය කිරීමට බවත් එය චීනයේ සිට සෑම රටකම සිදු වෙන නමුත් ලංකාවේ සිදුවන්නේ මිලිටරිකරණයෙන් කොවිඩ් පාලනය කිරීමක් බව ඇය පවසයි. එසේ පවසන්නේ ක්‍රමවේදයේ ඇති විෂමතාවය මිසක් කිසිදු පුද්ගලයෙකුටවත්, හමුදාවටවත් එරෙහි නොවන බව කියා සිටින ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් විශේෂ බලකායේ නායකයා වන හමුදාපතිවරයාම කොවිඩ් සම්බන්ධව නිරෝධායන කටයුතු සම්පුර්ණයෙන්ම ඉටු කරන්නේ ත්‍රිවිධ හමුදාවෙන් බව වගකීමෙන් පිළිගෙන ඇති…
Read Moreවයිරසයෙන් මළ අයගේ පරීක්ෂණ රාගම රෝහලේ බෑ!
කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල නැග එද්දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක වයිරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව හෙළිවී තිබේ. මෙම විමතිය උපදවන තොරතුරු අනාවරණය වී ඇත්තේ මහර හිරගෙදර සමූහ ඝාතනයෙන් මියගිය අය සම්බන්ධ විභාගයක් කෙරෙද්දී ඔවුන්ගේ සිරුරු විනාශ නොකරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් රාගම දකුණු කොළඹ මහ රෝහලේ අධ්යක්ෂ ඩබ්ලිව්.එම් ෂෙල්ටන් පෙරේරා වෙත ලියා ඇති ලිපියකිනි. කොමිසම එම ලිපිය ලියා ඇත්තේ මහර බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් 11 දෙනකු අතරින් නම දෙනකු කෝවිඩ් ආසාධිත බවට ආණ්ඩුව කරන ප්‍රකාශ ඥාතීන් සහ සිරකාර අයිතිවාසිකම් වෙනුවෙන්…
Read More“මහර ගැටුමින් පසු සැමියා ගැන කිසිඳු තොරතුරක් නෑ” බිරිඳ මානව හිමිකම් කොමිසමට
රැඳවියන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියා සම්බන්ධ කිසිඳු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් කර තිබේ. දෙසැම්බර් 4 සිකුරාදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මාධ්‍ය වෙත කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි. “මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. ”…
Read Moreමහර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ
මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව රජයට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් කියා සිටින්නේ මිය ගිය රැඳවියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර මරණ වලට හේතුව දැන ගත යුතු බවය. එමෙන්ම බන්ධනාගාර වල තදබදය අඩු කිරීම සදහා වහාම පියවර ගත යුතු බවත් ඇප ලබා දිය හැකි වරදවල් වලට රිමාන්ඩ් භාරයෙන් නිදහස් කිරීම, අන් අයට හදිසි නඩු විභාග කිරීම, සුලු වැරදි සම්බන්ධයෙන් ඇප දිය හැකි ඒවාට රිමාන්ඩ් කිරීමෙන් වලකින ලෙසත්ය. නොවැම්බර් 30 සවස 4 වන විට අදාල බලධාරීන්ට මේ ගැටුම පිලිබඳව මානව…
Read Moreමහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට
අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දෙසැම්බර් පළමු වැනිදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය. එහිදී ඔහු මාධ්‍ය වෙත වැඩි දුරටත් සදහන් කලේ මහර බන්ධනාගාරයේ රැදවියන් කිසිදු ආහාරයක් නොමැතිව මේ වන විට නිරාහාරව සිටින අතර අඩු තරමේ ඔවුන්ට බීමට වතුරවත් නොමැති තත්වයක් උද්ගතව…
Read Moreශානිගේ ජීවිතය ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ශානි අබේසේකරට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගත කර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් වරයාට නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර සිටී. එම ලිපිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට යවා ඇත්තේ හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුවය.…
Read More