විශාල මඩ ඡන්ද සටනකින් පසුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ජයගෙන ඇත. ඔහුගේ ප්‍රතිවාදියා රාජපක්ෂවරුන්ගේ නීතීඥයෙක් සේ ප්‍රකට කුවේර ද සොයිසා ය. කුවේර ද සොයිසා ලබාගෙන ඇත්තේ පරතරයට ආසන්න ඡන්ද ප්‍රමානයක් ය. එයත් සැලකිය යුතුය. පීරිස් මහතාට ඡන්ද 5,162ක් ද සොයිසා මහතාට ඡන්ද 2,807ක්ද හිමිවී තිබුණි. 2021 – 2022 වර්ෂය සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට පැවැති මෙම නිලවරණයේදී දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී නීතීඥයින් 17000 පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා තිබුණ බව දැනගන්නට ඇත. මෙම ඡන්දය හෝ එහි ප්‍රථිපලය කිසිදු වැදගැම්මකට නැති බව පොහොට්ටු ලෝලීන්ගේ මතයයි. එහිදී…
Read MoreTag: මානව අයිතිවාසිකම්
නීතිඥ සංගමයේ බලය සාලිය පීරිස්ට
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර තේරී පත් විය. ඒ මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 5093කි. ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2707 කි. අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සටන ඉතා උණුසුම්ව පැවැතීම හේතුවෙන් තියුණු තරගයක් ඇති වනු ඇතැයි විශ්වාස කලද අවසානයේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉතා පහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට සමත් වී ඇත. අතුරුදහන් වූවන් වෙනුවෙන් වූ කාර්යාලයේ සභාපති වීම ජිනීවා මානව හිමිකම් යෝජනා පිළිබද දැක්වූ ස්වාධීන අදහස් හේතුකොටගෙන ප්‍රතිවාදී කදවුරේ නිර්දය විවේචනයට සාලිය පීරිස්…
Read Moreනීතිඥ සංගමය හමුවේ ඇති අභියෝග – පිලිප් දිසානායක
ලබන 24 දා ඒනම්, තව දින දෙකකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතය. මෙම නිලවරණයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥයින් දෙදෙනෙකු තරග බිමට පිවිස තිබේ. ඒ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හා ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාය. මොවුන් දෙදෙනාම නීති විද්‍යාලයේ සමකාලීනයන් වන අතර, දෙදෙනාම නීති විද්‍යාලයේ සිටිය දී ඒහි සභාපති ධුරයන්ට පත් වෙමින් කැපී පෙනෙන සේවාවක් ඉටුකර ඇති පුද්ගලයින් දෙදෙනෙකු බවට සැලය. මුලදී ඉතා සාමකාමීව හා ප්‍රථිපත්ති ගරුක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පැවති මෙවර නිතිඥ සංගම් මැතිවරණ ව්‍යාපාරය පසුව ඒහි උණුසුම වැඩිවත්ම, මෙහි ප්‍රධාන අපේක්ෂකයින්ට විශේෂයෙන් සාලිය පීරිස් මහතාට…
Read Moreජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක්? – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය
තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත කර ඇති යෝජනා කොයි තරම් දුරකට ක්‍රියාත්මක කර ඇත්ද යන්න විමසා බැලීමක් සිදු කෙරෙන බවද ( දැනටමත් එ් වාර්තාව ඉංග්‍රිසි බසින් පළ වෙලා තිබෙනවා) ඒ් වාර්තාවට අනුව මහ කොමසාරිස්වරිය ලංකාව ගැන සතුටට පත් වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් යැයි ද…
Read Moreජිනීවා තත්ත්වය බැරෑරුම් – රමණි මුත්තෙට්ටුවේගම
මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියකු වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය සමග පැවැත් වූ කතා බහක් ඇසුරිනි. අපේ රටේ මේ සිදුවන අතුරුදහන් කිරීම්, ඝාතන අපිට එදිනෙදා හොඳින් හුරු – පුරුදු සාමාන්‍ය තත්වයක් වෙලා. දැන් අලුතින් ඒ පිළිබඳ සොයා බැලීම් කරන්න නැවත වතාවක් රජය විසින් කොමිසමක් පත් කරලා තියෙනවා. මෙතෙක් කලක් ඇති වූ සිදුවීම් සහ ඒ පිළිබඳව පරීක්ෂණ කරපු ආකාරය බලනකොට මොනවද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? මුලින්ම කියන්න ඕනේ අවුරුදු ගණනාවක් අපි කතා කරමින් හිටියේ දණ්ඩ මුක්තිය (impunity) ගැනයි. අපි කිව්වේ අතුරුදහන්වීම පිළිබඳ තියන දණ්ඩ මුක්තිය නිසා මේක තවදුරටත් කරගෙන යනවා…
Read Moreඅත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM
ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලීසියට උපදෙස් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත. කලා හා සාහිත්‍ය කෘතින්, ලේඛක ලේඛිකාවන් මෙන්ම නිදහස් මතධාරින් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු විට නිසි අධ්‍යයනයකින් කටයුතු කළ යුතු බවත් එසේ නොකර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීම දිගින් දිගටම මේ වන විටත් සිදු වෙමින් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටියි. මේ සම්බන්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී හා ලේකම් ලසන්ත ද සිල්වා…
Read Moreශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?
ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම එයට හේතුවයි. ශක්තික සත්කුමාර ලේඛකයෙකි. වර්ෂ 2010 සහ 2014 විශිෂ්ටතම කෙටි කතා කරුවාට හිමි යෞවන සම්මානය දින ගත්තේද මේ ශක්තික සත්කුමාරයි. ඒ ආකාරයේ විවිධ සම්මානයන්ට පාත්‍ර වූ කෙටිකතා කරුවකු වන ශක්තිකට කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන දින 126ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වීමටත් දිග්ගැස්සුනු නඩුවකට සම්බන්ධ වීමටත් සිදු…
Read Moreලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC
ලංකාවේ මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානව අයිතිවාසිකම් නැවත කඩකිරීමේ අනතුරුදායක ගමන් මාර්ගයක යන මැයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව නිවේදනය කර ඇත. එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. පසුගිය වසර තුළ පැවති, දඬුවම් නොලැබ සිටීමේ මුක්තිය වඩාත් පුළුල්වීම, ආණ්ඩුවේ කාර්යන් වැඩියෙන් හමුදාකරණය වීම, වාර්ගික-ජාතිකවාදී වාග් ප්‍රහාර, සහ සිවිල් සමාජය බිය වැදිදීම වැනි කනස්සල්ලට පත් කෙරෙන ප්රවනතා ඉස්මතු කරයි. ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසර දොළහකට ආසන්න…
Read Moreමහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”
එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ. අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සිය පුතු නිදහස් නොකොට රදවාගෙන සිටින බවට එක් පියකු චෝදනා කළේ රැඳවියන්ට හිංසා කිරීම වහා නවතනු තේමාව පෙරටු කරගනිමින් ගම්පහ දිසා අධිකරණය ඉදිරිපිට දියත්…
Read More“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්
උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූනු අතර එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල…
Read More