මහර සිද්ධියේ සාකෂිකරුවන්ට බලපෑම්!

Influence on witnesses in Mahara prison case

මහර බන්ධනාගාරය තුල සිටින්නේ රැඳවියන්ගේ ඝාතන සියැසින් දුටු සාක්ෂිකරුවන් බවත් ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරීමේ පසුබිමක් දැන් එහි මතු වෙමින් පවතිනා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මහර බන්ධනාගාර මේ සාක්ෂිකරුවන්ට දැන් සිටීමට සිදුව ඇත්තේ මිනීමරු නිලධාරීන්  සමඟ බවත් ඔවුන්ට අවම වශයෙන් මේ වනතුරු ස්ථාන මාරුවක්ද ලබා දී නොමැති බව ඔහු පවසයි. මේ වන විට මහර රැඳවියන්ට පහර දෙමින්, ආහාර පාන නොදී ඔවුන්ට මෙහෙම කියපන්, මෙහෙප කියපන් කිය කියා අඩත්තේට්ටම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම කිහ. විමල් වීරංශ කියු පෙති කථාවම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද තහවුරු…

Read More

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ගේ මෘත දේහ ගැන තීරණය අර්බුදයකට!

Bodies of detainees killed in Mahara clash

මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමට මාසයක් පීරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණය. එහෙත් එම ගැටුමෙන් වෙඩි වැදී, තුවාල ලබා මිය ගිය රැඳවියන් කිහිප දෙනෙකුගේ මෘත ශරීර තවමත් ඇත්තේ අධි ශිතකරණ තුලය. ඒ ඔවුන්ට තම භූමියේ මිහිදන් වීමට ඇති අවස්ථාව, අයිතිය තවමත් නොලැබීම නිසාය. මහර බන්ධනාගාර කැරැල්ලෙන් පසු ජිවිතක්ෂයට පත් වූ රැඳවියන්ගේ මෘත දේහ 11 කඩිනමින් ඒ අවස්ථාවේ රජය ආදාහනය කිරීමට උත්සහ කළේ කොවිඩ් වසංගතය පෙන්වමිනි. නමුත් ඊට මියගිය රැඳවියන්ගේ ඥාතීන් එරෙහි වූ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔවුන්  වෙනුවෙන් පෙනී සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස එදා කිසිඳු පරීක්ෂණයකින් තොරව ආදාහනය කිරීමට…

Read More

මහර රැඳවියන් බලාපොරොත්තු වූයේ පැන යාම! – බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කියයි.

Thushara Upuldeniya commissioner general of prisons sri lanka

මහර බන්ධනාගාරයේ කැරැල්ලට නායකත්වය සැපයු සැකකරුවන් 25 ක් හා ඊට ප්‍රබලව සම්බන්ධ වු සැකකරුවන් 150 ක් හඳුනාගෙන මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. බන්ධනාගාරයක් තුල රඳවන්න පුලුවන් 11762 ක් වන නමුත් පහුගිය කාලයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ යාම නිසා සැකකරුවන් 32,000 දක්වා ඉහළ ගිය බවත්, අධික ලෙස මත්ද්‍රව්‍ය වැටලීම් කළ නිසා මත්‍ද්‍රව්‍ය ජාවාරකම්රුවන්ට අසහනකාරී තත්ත්වයක් බන්ධනාගාර තුල පැවති බවද ඔහු කියයි. ඒ නිසා කොරෝනා ප්‍රශ්නය ඉදිරියට දමමින් කිසිදු පදනමක් නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කල්ලි කිහිපයක්  මහර බන්ධනාගාරයේ කැරැල්ල නිර්මාණය කළ බවත්,…

Read More

බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි

SCAT press release on Mahara prison deaths

මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන ලෙසත් මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණයන් විනිවිද පෙනෙන ආකාරයෙන් හා ස්වාධීනව පැවැත්වීම වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා  එකමුතුව පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. එහි සම්බන්ධිකාරක ඇන්තනි විනොත් මහතා විසින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමේ අරමුණින් යැයි පවසමින් රැඳවියන්…

Read More

මධුෂ්ගේ මරණය ගැන මානව හිමිකම් පරීක්ෂණ

HRCSL inquiry into Madhush death

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරුමුවට පත්වීම පසුගිය කාලවකවානුව තුළ දී වැඩි වී ඇති  බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින  රැදවියන්  ඝාතනය කළ බවට එල්ල වන චෝදනාද  මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි. 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. රැඳවුම් නියෝග යටතේ සිටියදී ඔක්තෝබර් 20 දින ඝාතනයට ලක්වූ මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිතගේ මරණයත් එයට…

Read More

බන්ධනාගාර කොරෝනා පොකුරේ හෙට දවස?

Covid epidemic is spreading in prisons in Sri Lanka

නව කෙරෝනා වෛරසයට මේ වන විට ලංකාවේ පුද්ගලයින් 18,000 ක් පමණ ගොදුරු වී ඇති අතර මරණ 66 ක් වාර්තා වී ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් රෝගීන් වාර්තා වෙද්දී මේ වෛරසය මේ වන විට බන්ධනාගාර තුලටද පැමිණ තිබේ. පළමුව වැලිකඩ බන්ධනාගාරයෙන් රෝගීන් වාර්තා වු අතර මේ වන විට එය බෝගම්බර, කුරුවිට, කොළඹ රිමාන්ඩ්, මාතර, බූස්ස, වැලිකඩ කාන්තා අංශය ආදි බන්ධනාගාර දක්වාම විහිදි පැතිරී ගොස් ඇත. මේ වන විට බන්ධනාගාර පොකුර 500 ඉක්මවා ගොස් ඇත. නිරෝධායනයට ලක් කර ඇති පිරිසද විශාලය. මේ ආසාදිතයින් අතර බන්ධනාගාර නියාමක නිලධාරින් 12 දෙනෙකු සිටියි. වැඩිම ආසාදිතයින් පිරිස …

Read More